IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


රන් බඩු කොල්ල කෑ හිටපු යුද හමුදා ලුතිනන් කර්නල්වරයකු අත්අඩංගුවට

ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න

යතුරු පැදියක යමින් මහමග  ගමන් ගන්නා කාන්තාවන්ගේ ගෙල බැඳි රන් මාල කොල්ල කෑමේ ජාවාරමක නිරත වූ හිටපු යුධ හමුදා ලුතිනන් කර්නල්වරයකු අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලීසිය පවසයි

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අතුරුගිරිය මාලබේ  ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි එක්දරු පියෙකි

මෙම පුද්ගලයා මීට වසර කිහිපයකට පෙර ලූතිනන්  කර්නල්වරයෙකු ලෙස යුද හමුදාවේ සේවයට බැඳී ඇති අතර පසුව ඔහුගේ පියා මැදිහත් වී නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් කරවා ගෙන ඇතැයිද පොලිසිය පවසයි .

පසුව සැකකරු සිය යතුරු පැදිය භාවිතා කරමින් හුදකලා  මාර්ගවල ගමන් ගන්නා කාන්තාවන්ගේ ගෙල බැඳි රන් මාල කොල්ලකෑමේ ජාවාරමක නිරතව ඇතැයිද පොලිසිය පවසයි.

එසේ කොල්ල කන රන් භාණ්ඩ  අතුරුගිරිය මහරගම  හෝමාගම නුගේගොඩ ඇතුළු ප්‍රදේශවල රන් භාණ්ඩ  අලෙවි මධ්‍යස්ථානවලට උකස් කර  ඉන්  උපයා ගන්නා මුදලින් සුඛෝපභෝගී ජීවිතයක් ගත කර ඇතැයිද පැවසේ.

සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසුව  සිදුකරන ලද ප්‍රශ්න කිරීම් වලදී උකස්කර ලද රුපියල් ලක්ෂ හැටකට ආසන්න වටිනාකමින් යුත් රන් භාණ්ඩ තොගයක්  සොයා  ගත් බව පොලිසිය පවසයි.

කොල්ලකෑම සඳහා භාවිතා කළ  යතුරු පැදිය ද පොලිස් බාරයට ගෙන ඇත .

සැකකරු කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .



අදහස් (0)

රන් බඩු කොල්ල කෑ හිටපු යුද හමුදා ලුතිනන් කර්නල්වරයකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 746 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site