(අජිත්ලාල් ශාන්තඋදය)
රත්නපුර දිස්ත‍්‍රික්කයේ මී උණ රෝගය පැතිරයාම සැලකියයුතු අන්දමින් ඉහළ ගොස් පුද්ගල මරණ පහක් වාර්තාවී ඇති බවත් රත්නපුර දිස්ත‍්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය ලක්මාල් කෝණාර මහතා පැවසීය.
රත්නපුර දිස්ත‍්‍රික් සම්බන්‍ධීකරණ කමිටු රැස්වීම අමතමින් ඔහු පැවසුවේ මේ වසර තුල රත්නපුර දිස්ත‍්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 19න් මීඋණ රෝගීන් 344ක් වාර්තාවී ඇති බවයි.
පැල්මඩුල්ල, නිවිතිගල, කලවාන, කිරිඇල්ල සහ ඇලපාත යන සෞඛ්‍ය වෛදද්‍ය නිලධාරී කොට්ඨාස වලින් මී උණ මරණ පහ වාර්තා වී ඇති බව ද වසංගත රෝග විද්‍යාඥවරයා සදහන් කළේය.
පසුගිය වසර කිහිපයකම වැඩිම මී උණ රෝගීන් වාර්තා වූ දිස්ත‍්‍රික්කය රත්නපුර දිස්ත‍්‍රික්කය බව ද වෛද්‍ය කෝණාර මහතා අවධාරණය කළේය. සෞඛ්‍ය වෛදද්‍ය නිලධාරී කොට්ඨාස අනුව වැඩිම මීඋණ රොගීන් ගණන වූ 35ක් බළන්ගොඩින් වාර්තාවූ බවද ඔහු සදහන් කළේය.
පැල්මඩුල්ලේ 33, ඉඹුල්පේ 29, කොලොන්න 28, ඇහැලියගොඩ සහ වැලිගෙපොල 26 දෙනා බැගින්ද, ඇලපාතින් 23ක් ද, ගොඩකවෙලින් 20ක් ද, කුරුවිට සහ කලවානෙන් 18 දෙනා බැගින් ද, රත්නපුර ප‍්‍රාදේශීය සභා කොට්ඨාසයෙන් සහ කහවත්තෙන් 14 දෙනා බැගින් ද, ඇඹිලිපිටියෙන් 13ක් ද, නිවිතිගලින් 11ක් ද, ඕපනායක සහ උඩවලවෙන් 10 දෙනා බැගින් ද, කිරිඇල්ලෙන් 07ක් ද, අයගමින් 05ක් හා රත්නපුර මහ නගරසභා කොට්ඨාසයෙන් 04 ක් ලෙස එම 344 දෙනා සමන්විත බව ද වෛද්‍ය ලක්මාල් කෝණාර මහතා සදහන් කළේය.
රත්නපුර දිස්ත‍්‍රික්කයේ මී උණ රෝගයට ගොදුරුවු රෝගීන් සම්බන්‍ධයෙන් කළ විමර්ශනයකදී 99%ක් මඩ ආශ‍්‍රීතව ගැවසී ඇති පුද්ගලයන් බව තහවුරු වී ඇති බව ද වෛද්‍ය ලක්මාල් කෝණාර මහතා පැවසුවේය. එහෙත් නිතරම මඩ ආශ‍්‍රිතව කටයුතු කරන ගොවීන් සහ පතල් කම්කරුවන් මී උණට ගොදුරු වී ඇත්තේ 40%ක් බව කී වෛද්‍ය කෝණාර මහතා 60%ක් අහඹු ලෙස මඩ සහිත පරිසයට ගිය පුද්ගලයන් මී උණට ගොදුරුවී ඇති බව සදහන් කළේය.
වෙල්වල සරුංගල් යවන දරුවන්, ගංවතුර කාලයේ ගංවතුර බැසිගිය පසු නිවාස පිරිසිදු කරන පුද්ගලයින්, කැලෑබද ප‍්‍රදේශවල පුහුණුවීම් කරන යුද හමුදා සහ පොලිස් නිලධාරීන්, කොහිල සහ කීර කොටුවල අස්වැන්න නෙලීමට යන පුද්ගලයින් සහ කාණු පවිත‍්‍ර කරන කම්කරුවන් වැනි පිරිස් මී උණ රෝගයට ගොදුරුවීමේ ඉඩකඩ ඇති බව ද වෛද්‍ය ලක්මාල් කෝණාර මහතා අවධාරණය කළේය.
මඩ සහිත පරිසරයක කිසියම් කටයුත්තක නිරතවීමෙන් පසු උණ හෝ තදබල මස්පිඩු වේදනාව ඇත්නම් පළමු දිනයේ ද සුදුසුකම් ලත් වෛද්‍ය වරයෙකුගෙන් ප‍්‍රතිකාර ප‍්‍රතිකාර ලබාගත යුතු බව ද කීවේය. උණ නොමැතිව ම්ුපිඩුවල තදබල වේදනා ඇත්නම් ද එසේ වෛද්‍ය ප‍්‍රතිකාර වෙත අනිවාර්යෙන් යොමුවන්නැයි ද වෛද්‍ය කෝණාර මහතා ඉල්ලීමක් කළේය.
2025 දෙසැම්බර් මස 18
691
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
331
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රත්නපුරේට මී උණ අවදානමක්