(අජිත්ලාල් ශාන්තඋදය)
රත්නපුර දිස්ත‍්‍රික්කයේ තේ ඉඩම්වල වල් මර්දනය සඳහා 2019 වසර තුළ ග්ලයිපොසේට් වල් නාශක ලීටර් 39,884ක් ලබාදී ඇතිබව කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ රත්නපුර සහකාර ප‍්‍රාදේශීය කාර්යාල සංඛ්‍යා ලේඛන අනාවරණය කරයි.
මෙම වල්නාශක ප‍්‍රමාණය තේ ගොවීන් 20,099ක් අතර බෙදා දී ඇති අතර එහි වටිනාකම රුපියල් මිලියන 46කි. මේ වල් නාශක බෙදාහැර ඇත්තේ ඒ ඒ ප‍්‍රදේශවල පිහිටි තේ සමිති හරහාය.
තේ වගාවේ වල් නෙලීම සඳහා කාලයක සිටම භාවිත කරන ලද්දේ ග්ලයිපොසෙට් වල් නාශකයයි. එහෙත් පසුගිය රජය සමයේ එය තහනම් කරනු ලැබීය. පසුව තේ ගොවීන්ගේ දැඩි ඉල්ලීම අනුව තේ තේ සමිති හරහා සීමාන්තිකව ග්ලයිපොසෙට් වල් නාශකය බෙදා හරිනු ලැබීය.
රත්නපුර දිස්ත‍්‍රික්කයේ ජනගහනය ලක්‍ෂ එකොළහක් පමණ වන අතර ඉන් ලක්‍ෂ හතරකට ආසන්න ප‍්‍රමාණයක් කුඩා තේවතු හිමියෝ වෙති. අක්කර කාලේ සිටි අක්කර පහ දක්වා ප‍්‍රමාණයේ තේ ඉඩම් හිමි අය කුඩා තේ හිමියන්ගේ ගණයට වැටේ.
රත්නපුර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ත‍්‍රික් කෘෂිකර්ම කමිටුවට මෙම ග්ලයිපොසෙට් භාවිතය පිළිබඳ තොරතුරු කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ සහකාර ප‍්‍රාදේශීය කළමනාකාර එච්.කේ. ලලිත් කුමාර මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
ග්ලයිපොසෙට් හේතුවෙන් වකුගඩු රෝග වර්ධනය වන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
2025 නොවැම්බර් මස 17
1
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
852
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2491
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
රත්නපුරේ තේ ඉඩම්වලින් ග්ලයිපොසෙට් ලීටර් 40,000ක් පසට එක්වෙලා
lalithm Wednesday, 19 February 2020 07:43 AM
තේ වතු උදලු ගාන්න ගියොත් ගස් ගලවලා විසිකරන එක ඊට වඩා ලාබවෙයි. රබර් වලට වෙලා තියෙන්නෙත් ඒකමයි. කටුපොල් වවනවා හැර වෙන විකල්පයක් නැහැ.පොල් වගාත් පලක් නැහැ. ලෙඩ, අඩු ආදායම, හොරුන්ගෙන් බේරෙන්න බැරිකම. කටුපොල් වවන්න අවසර ලැබෙනවා නම් ජීවත් වෙන්නත් වගාවට ඉඩම් යොමු කරන්නත් පුළුවන් වේවි. නැත්නම් පුරන් වෙන එක වලක්වන්න බැහැ.