(මහේෂ් කිර්තිරත්න)
රත්තොට කොට්ඨාසයේ පවුල් 19 කට අයත් පුදගලයන් මේ වනවිට නිරෝධානයට ලක්කර ඇති බව රත්තොට ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඩී.එන්.කුමාරි මෙනවිය පැවසුවාය.
ඇය මෙම කරුණු අනාවරණය කළේ අද (28) දා පස්වරුවේ රත්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති ආයතන ප්‍රධානින්ගේ කොරෝනා මර්ධන කමිටුවට එක්වෙමිනි.
වැඩිදුරටත් කරුණු අනාවරණය වුයේ නිවාඩු පිණිස රත්තොට ප්‍රදේශයට පැමිණි පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන් මෙලෙස නිරෝධානයට ලක්කර ඇති බවය.එහෙත් එම පවුල්වල පුද්ගලයන් පොදු ප්‍රවාහන සේවා,බැංකු,වෙළඳසැල් සහ වෙනත් ආයතන වෙත ගමන් කර තිබේ.මේ හේතුවෙන් කොරෝනා රෝගින් ලෙස නිශ්චිතව වෛද්‍ය පරික්ෂණ මගින් හඳුනා ගත් පුද්ගලයන් නොමැති වුව ද රෝගින් නොසිටීය යන පූර්ව නිගමනයට එළඹිය නොහැක.එබැවින් පවතින තත්ත්වය මත රත්තොට කොට්ඨාසයේ ජනතාව තවදුරටත් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කළ යුතු බව ඇය අවධාරණය කළාය.
මේ අතර හදිසි තත්ත්වයක් මත රෝගින් නිරෝධානයට සඳහා මේ වනවිටත් රත්තොට රෝහලේ වාට්ටුවක් වෙන් කර සූදානම් කොට ඇති බව රත්තොට ප්‍රාදේශීය රෝහලේ වෛද්‍ය නිලධාරී ජී.එන්.ජී.එස්.බණ්ඩාර මහතා සඳහන් කළේය.
මෙම කමිටු රැස්විම සදහා රත්තොට ප්‍රාදේශිය සභාවේ සභාපති කුමාරසේන තෙන්නකොන්.රත්තොට ප්‍රාදේශිය ලේකම් නිශාන්ත දිනිප්‍රිය හේරත් රත්තොට පොලිස් ස්ථානාධිපති හර්බට් ද සිල්වා යන මහත්වරුන් අඇතුලු පිරිසක් එක්වි සිටියහ.
2025 නොවැම්බර් මස 04
790
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2445
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1766
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රත්තොට පවුල් 19 ක පුද්ගලයින් නිරෝධායනයට