(මහේෂ් කිර්තිරත්න)
රත්තොට කොට්ඨාසයේ පවුල් 19 කට අයත් පුද්ගලයින් 171ක් දෙනෙකු මේ වනවිට නිරෝධානයට ලක්කර ඇති බව රත්තොට ප්‍රාදේශීය ලේකම් නිශාන්ත දිනිප්‍රිය හේරත් මහතාඅද (05) පැවසිය.
එමෙන්ම කොට්ඨාසයේ නිරෝධානය වන පවුල් පිළිබඳ සම්බන්ධීකරණ කටයුතු මේ වනවිට රත්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සිදු වන අතර ඒ සඳහා රත්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරී සඳරුවන් රාජසිංහ සහ සංවර්ධන නිලධාරී සමීර විජේකෝන් යන මහත්වරුන් පත්කර තිබේ.
අදාල පවුල් පිළිබඳව තොරතුරු පද්ධතියක් මේ වනවිට රත්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සහ රත්තොට පොලිසිය මගින සකස් කර තිබේ.
නිරෝධානය වන පවුල් පිළිබඳව නිරන්තරයෙන් සොයා බලමින් ඔවුන්සඳහා පහසුකම් සැලසීමේ මූලික වගකීම සංවර්ධන නිලධාරීන් වෙත පැවරෙන අතර එම පවුල් අතරින් අඩු ආදායම්ලාභී පවුල් සඳහා නොමිලේ වියලි ආහාර ලබාදීම ද මේ අනුව සිදුකෙරේ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.