(ඩී.ජී.සුගතපාල)
දොඩන්දුව කටුදම්පෙ ප්‍රදේශයේ කුරුඳු ඉඩමක තිබි ජීව උණ්ඩ සහිත ටින් එකක් අද (11) හමුවී ඇතැයි රත්ගම පොලිසිය පවසයි.
මෙම ටින් එකේ ටි 56 වර්ගයේ උණ්ඩ 47ක් , මිලි මිටර් 9 වර්ගයේ උණ්ඩ 3 ක් , එම් 16 වර්ගයේ උණ්ඩ 8 ක් , එම්.පී.එම්.ජී.වර්ගයේ උණ්ඩ 13 ක් , එම් 38 වර්ගයේ උණ්ඩ 1ක් ඇතුලු උණ්ඩ 72 ක් තිබී ඇත.
ඉඩම් හිමියා තම ඉඩම සුද්ධ කරමින් සිටියදී මෙම ටින් එක හමුවී ඇති අතර පසුව ඒ බව පොලිසියට දැනුම් දි ඇත.ඒ අනුව පොලිස් නිලධාරින් පැමිණ එය පොලිසිය වෙත රැගෙන ගොස් පරීක්ෂා කිරීමේදී උණ්ඩ හඳුනාගෙන ඇත.
පොලිසිය පැවසුවේ මෙම උණ්ඩ කලකට පෙර සඟවා තබා ඇති අතර ඒවා මේ වනවිට භාවිතයට ගැනිමට නොහැකි තත්වයට පත්ව ඇති බවය.
මේ සම්බන්ධයෙන් සැකකරුවන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර රත්ගම පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd