
( දිල්රුක්ෂි ග්‍රේරු)
විදේශිය රටක නිෂ්පාදිත මත්පැන් බෝතල් 639 ක් මල්වානේ නිවසක සඟවා තිබියදී පුද්ගලයකු සමඟ අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි.
පූගොඩ පොලිස් ස්ථානයේ බස්නාහිර පළාත් බුද්ධි අංශයේ නිලධාරියකුට ලද තොරතුරක් මත කළ සෝදිසියකදී මාල්වනේ නිවසක පහත මාලයේ නිදන කාමරයක සඟවා තිබියදී මෙම මත්පැන් බෝතල් සොයාගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයා 38 හැවිරිදි ඇබලි යකඩ ව්‍යාපාරයක් සිදුකරගෙන යන්නෙක් බවට ද තොරතුරු තහවුරුකරගෙන ඇතැයි පොලීසිය පවසයි.
සැකකරු පොලිස් ඇප ම ත මුදාහැර ඇති අතර පූගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd