IMG-LOGO

රෝගීන්ගේ රන් බඩු සොරාගත් හොර දොස්තර අල්ලයි


(ඩි.ජී.සුගතපාල)

වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් කරාපිටිය රෝහල ඇතුලු දිවයිනේ ප්‍රධාන  රෝහල්වල සායනවලට පැමිණෙන කාන්තාවන්ගේ රන් ආභරණ සොරකම් කිරිම සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරු අත් අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි.
 
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ හෝමාගම පිටිපන උතුර මහින්දදාස මාවත පදිංචි   30   හැවිරිදි විවාහකයෙකි.
 
සැකකරු විසින් සොරකම් කරන ලද රුපියල් විසි ලක්ෂයකට අධික රන් ආභරණද නුවර රජ විදියේ ස්වර්ණාභරණ අලෙවි සලකට විකුණා තිබියදි සොයාගෙන ඇත.
 
ඉකුත් 10 වන දින සැමියාට ප්‍රතිකාර ගැනිම සඳහා කරාපිටිය රෝහලේ වකුගඩු සායනයට පැමිණි කාන්තාවක් රවටා ඇයගේ රුපියල් තුන් ලක්ෂ විසිපන් දහසක් පමණ වටිනා රන් ආභරණ සොරකම් කිරිම සම්බන්ධයෙන් ලැබුන පැමිණිල්ල අනුව ක්‍රියාත්මකවු පොලිසිය ට සැකකරු අත් අඩංගුවට ගැනිමට හැකිවි තිබේ.
 
අක්මිමණ ප්‍රදේශයේ පදිංචි කාන්තාව සැමියාගේ වකගඩු රෝගයට ප්‍රතිකාර ගැනිම සඳහා එදින උදැසන සැමියා සමග  කරාපිටිය රෝහලේ වකුගඩු සායනයට පැමිණ දොරටුව අසල සිටියදි වෛද්‍යවරයෙකු ලෙස පෙනි සිටි සැකකරු  පැමිණ දෙදෙනාටම පරික්ෂණයක් කළ යුතු බව පවසා භෞත චිකිස්තක කාමරය වෙත කැඳවාගෙන ගොස් ඇත.
 
එහිදි සියලුම රන් ආභරණ ගලවා සැමියාට දෙන ලෙස පවසා ඇය ඇඳක හාන්සි කරවා ඇති අතර රන් ආභරණ බෑගයක දමන ලෙස පවසා සැමියාටද ඇඳක හාන්සිවන ලෙස සැකකරු පවසා ඇත.
 
ඒ අනුව සැමියාද බිරිඳගේ මුදු 3ක් මාලය සහ සුරයද  බෑගයේ දමා ඇඳේ හාන්සිවි තිබේ.මේ අතර සැකකරු ඔවුන් දෙදෙනාට නොපෙනෙන ලෙස රන් ආභරණ ටික සොරකම් කරගෙන පිටතට ගොස් එන බව පවසා කාමරයෙන් පිටව ගොස් තිබේ.
 
මෙම සිද්ධියට පෙරද මෙවැනි සිද්ධින් හතක් කරාපිටිය රෝහලෙන්ද මහමෝදර රෝහලෙන් එක සිද්ධියක්ද ඇතුලු සිදධින් අටක් ගාල්ල පොලිසියට වාර්තාවි තිබු අතර ඒවා සම්බන්ධයෙන්ද පරික්ෂණ පවත්වමින් සිටියදි මෙම සිද්ධියද වාර්තාවිමත් සමඟ පරික්ෂණ කඩිනම් කල පොලිසියට සැකකරු අත් අඩංගුවට ගැනිමට හැකිවි ඇත.
 
පොලිස් පරික්ෂණවලදි අනාවරණයවි ඇත්තේ සැකකරු අනුරාධපුර 3වන පියවරේ උපන් අයෙකු වන අතර එහිදි වාණිජ අංශයෙන් උසස් පෙළ හදාරා ඇති බවයි.පසුව සැකකරු සුදුවට සහ සමාජශාලා වලට යාමට ඇබ්බැහිවිම නිසා මව්පියන් එම ගෙවල් විකුණා හෝමාගම ප්‍රදේශයේ කුලි නිවසකට පැමිණ ඇත.
 
 සැකකරු පවුලේ එකම පිරිමි දරුවා බවත් සොහොයුරියන් තිදෙනෙකු සිටින අතර එක් සොහොයුරියක් විදේශ රටක පදිංචි බවත් සැකකරුද වරක් එරටට ගොස් පැමිණ ඇති බවත් පොලිසිය පවසයි. පොලිසිය පැවසුවේ මේ වනවිට කෑගල්ල , නුවරඑළිය, රත්නපුර, ඇඹිලිපිටිය, හම්බන්තොට, පුත්තලම ආදි රොහල්වලටද ගොස් සායනවලට පැමිණෙන කාන්තාවන්ට විවිධ පරික්ෂණ කිරිමට අවශ්‍ය බව පවසා රවටා ඔවුන්ගේ රන් ආභරණ සොරකම් කර ඇති බවයි. දැනට අනාවරණයවි ඇති තොරතුරු අනුව සැකකරු විසින් මේ ආකාරයට රුපියල් විසි ලක්ෂයකට අධික රන් භාණ්ඩ සොරකම් කර ඇති බවත් පොලිසිය පවසයි.



අදහස් (0)

රෝගීන්ගේ රන් බඩු සොරාගත් හොර දොස්තර අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 518 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 325 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 492 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site