( එච්. චන්දන )
පනිරෙන්දාව රක්ෂිත වනාන්තරයේ තිබූවල්ලා පට්ටා ගස් කපමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව හලාවත අඩවි වන කාර්යාලයේ කියයි.
වන සංරක්ෂණ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇති අතර අවිස්සාවෙල්ල-වග ප්‍රදේශයේ පදිංචිකරුවෙකුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
රක්ෂිතය තුළ වන සංරක්ෂණ නිලධාරීන් විසින් වැටලීම සිදු කරන විට එම ස්ථානයේ සිටි තවත් සැකකරුවන් තිදෙනෙකු පලා ගොස් ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු සහ පලා ගිය පුද්ගලයින් පනිරෙන්දාව රක්ෂිතයේ තිබූවල්ලා පට්ටා ගස් 08 ක් කපා තිබූ බව වන සංරක්ෂණ නිලධාරීන් සදහන් කරයි.
කපා කොටස් කරන ලද කිලෝ ග්‍රෑම් 08 ක් පමණ බර වල්ලා පට්ටා කැබලි තොගයක්ද,ආයුධ කීපයක් සහ සැකකරුවන් පැමිණි බව කියන ත්‍රීරෝද රථයක්ද වැටලීම සිදු කළ නිලධාරීන් විසින් තම බාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරු හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
රක්ෂිතයක වල්ලපට්ටා කැපු අයෙක් අත්අඩංගුවට