(සිතුම් චතුරංග)
යාපනය, අරියාලේ ,පුත්තලම කෝලන්කනත්ත සහ මන්නාරම යහප්පර් වෙරළ තීරයන්හි සිදු කළ සෝදිසි මෙහෙයුම් වලදී නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙනවිත් තිබූ වියළි කහ කිලෝ 2,272 කට අධික ප්‍රමාණයක් සමඟ ඩිංගි යාත්‍රාවක්ද නාවික හමුදා අත්අඩංගුවට ගෙන තිබේ.
උතුරු නාවික විධානයට අයත් නිලධාරීන් යාපනය, අරියාලේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ සිදුකළ විශේෂ නාවික මෙහෙයුම් හේතුවෙන් ජාවාරම් කරුවන් විසින් අතහැර දමා යන ලද ඩිංගි යාත්‍රාවක තිබූ වියලි කහ කිලෝ 601 ග්‍රෑම් 150 ක පමණ ප්‍රමාණයක් සොයාගත් බව නාවික හමුදාව පැවසීය.
එලෙසම වයඹ නාවික විධානයට අයත් නාවික නිළධාරීන් පුත්තලම, කෝලන්කනත්ත වෙරළ තිරයේ සිදුකළ මෙහෙයුමකදී ජාවාරම්කරුවන් විසින් වෙරළ ආශ්‍රිත ලදු කැලෑවක සඟවා තිබූ වියළි කහ කිලෝ 750ක් මන්නාරම,යහප්පර් වෙරළ ප්‍රදේශයේදී තවත් වියලි කහ කිලෝ 921 ග්‍රෑම් 400 ක ප්‍රමාණයක්ද සොයාගත් බව නාවික හමුදාව සඳහන් කළේය.
මෙම වියළි කහ ඉන්දියාවේ සිට ධීවර බෝට්ටු ඔස්සේ රැගෙනවිත් ඇති බවද නාවික හමුදාව පැවසීය.
නාවික හමුදා භාරයටගත් වියලි කහ තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විනාශ කිරීමට නියමිතව තිබුණි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
යාපනය- මන්නාරම වෙරළ තීරයන්හි දී කහ තොගයක් අල්ලයි