
( සිතුම් චතුරංග)
යාපනය, වේලනෙයි, අම්බිකා නගර් ප්‍රදේශයේ ගෙවත්තක තිබි එල්.ටි.ටි.ඊ සංවිධානය විසින් නිෂ්පාධිත කිලෝ හයක පමණ බරින්යුත් ක්ලේමෝ බෝම්බයක් සොයාගත් බව යාපනය කයිට්ස් පොලිසිය පවසයි.
ඉඩම් අයිතිකරු විසින් වගා කටයුත්තක් සඳහා ඉඩම සකස් කරමින් සිටියදී සැකකටයුතු පාර්සලයක් දැක එ පිළිබඳ යුද හමුදාව දැණුවත් කිරීමෙන් අනතුරුව පොළව යට තිබූ ක්ලේමෝ බෝම්බය සොයාගත් බවයි.
‘කිලර් වෙල්වන් එස්.එන් 96 වර්ගයේ මෙම ක්ලේමෝ බෝම්බය එල්.ටි.ටි.ඊ සංවිධානය විසින් ආරක්ෂක අංශ වෙත ප්‍රහාර එල්ල කිරීම සඳහා බහුලව යොදාගත් බෝම්බයක් බව පොලිසිය පැවසීය.
පසුගිය යුද සමයේ එල්.ටි.ටි.ඊ සාමාජිකයින් විසින් ආරක්ෂක අංශවෙත ප්‍රහාර එල්ල කිරීමට ගෙනවිත් ආරක්ෂිතව වළදමා තිබූ ක්ලේමෝ බෝම්බයක් බවට පොලිසිය සැකපලකරති.
සොයාගත් ක්ලේමෝ බෝම්බය මහෙස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ යුද හමුදා බෝම්බ නිශ්ක්‍රීය අංශය විසින් නිශ්ක්‍රීය කිරීමට නියමිතව තිබුණි. සිද්ධිය සම්බන්ධයෙන් කයිට්ස් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
2025 නොවැම්බර් මස 04
546
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2259
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1692
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
යාපනේ ගෙවත්තක ක්ලේමෝ බොම්බයක්