(එම් .සුසිල් ප්‍රියන්ත සහ සරත් ආනන්ද )
බද්දෙගම අම්පෙගම ප්‍රදේශයේදී යුධ හමුදා නිලධාරියකුට අද (14 ) පස්වරුවේදී එල්ලවූ මන්නා පිහි පහරකින් බරපතල තුවාල ලැබු යුද හමුදා නිලධාරියා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුලත් කල බව බද්දෙගම පොලිසිය කියයි.
මේ නිලධාරියාට මන්නා පිහි පහර එල්ල කළැයි කියන පුද්ගලයා ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවත් ඔහුව සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගැනීමට පරීක්සණ ආරම්භ කල බවත් පොලීසිය කියයි.
මන්නා පිහි පහරින් බරපතල තුවාල ලබා රෝහල් ගත කල යුද හමුදා නිලධාරියා අම්පෙගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඔහුට මන්නා පහර එල්ල කළ පුද්ගලයාද ඒ ප්‍රදේශයේම අයෙකු බවත් පොලිසිය කියයි.
බද්දෙගම පොලීසිය මේ පිලිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd