(අනුරාධපුර දයාරත්න ඇඹෝගම)
රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පිඨයේ ඉගෙනුම ලබන සිසුවකුගේ රුපියල් එක්ලක්ෂ අසූදහසක් වටිනා යතුරුපැදියක් අද (02) අළුයම ජයන්ති ග්‍රාමයේ නිවසක නවතා තිබියදී සොරා ගෙන ගොස් ඇතැයි අනුරාධපුර පොලිසිය කියයි.
මෙම වෛද්‍ය සිසුවා නවාතැන් ගෙන සිටින, සාලියපුර පිහිටි නිවස ඉදිරිපිට නවතා තිබූ යතුරු පැදිය කිසිවෙකු සොරා ගෙන ගොස් ඇතැයි ඔහු විසින් පොලිසියට සිදුකල පැමිණිල්ලේ සඳහන් වේ.
සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රාදේශීය සභාකාරයෙක් කොහෙන් හරි සම්බන්ධ වෙලා ඇති!