IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


මහරගම අවට මත්කුඩු අලෙවි කළ අයෙකු අත්අඩංගුවට

(ජයමාල් චන්ද්‍රසිරි)
 
මහරගම , ඇරැව්වල සහ පිළියන්දල හා ඒ අවට ප්‍රදේශයන්ට  මත්කුඩු අලෙවි කරන ලද ජාවාරම්කරුවෙකු සහ තවත් දෙදෙනෙකු පොලිසිය විසින් සිදුකරන ලද විශේෂ මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය පැවසීය.
 
පොලිසියට ලැබුණු තොරතුරක් මත පොලිසිය විසින් උපාය දූතයෙකු යොදවා මහරගම ඇරැව්වල පිහිටි වෙළඳ සැලක් අසලදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.
 
අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී මත්කුඩු ග්‍රෑම් 2 ක් සොයාගත් බව පොලිසිය කීය.
 
සැකකරුගෙන් සිදුකරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීම් වලදී  තවත් මත්කුඩු ජාවාරම්කරුවෙක් පිලියන්දල ප්‍රදේශයේ පිහිටි නිවසකදී මත්කුඩු ග්‍රෑම් 5 ක් සමඟ අත්අඩංගුවට ගත්බව පොලිසිය පැවසීය.
 
මෙම සැකකරුගේ බිරිඳ සන්තකයේ  මත් කුඩු ග්‍රෑම් 5 ක් ක්ද තිබී සොයාගත් බව පොලිසිය පැවසීය.
 
මහරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයින් ගංගොඩවිල උසාවියට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව දින 14 ක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නියෝග කෙරිණි.
 
අත් අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 42 ත් 60 ත් අතර පසුවන්නන් බව පොලිසිය කීය.
 



අදහස් (0)

මහරගම අවට මත්කුඩු අලෙවි කළ අයෙකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 790 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2445 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1766 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site