IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


මහනුවර වී මිලට ගැනීම ළගටම ගොස් සිදුකරයි

(පී.එම්. රාජපක්ෂ)

පවතින කොරෝනා වසංගත තත්වය හමුවේ මහනුවර දිස්ත්‍රික්කයේ වී මිළදී ගැනීම් කටයුතු ක්ෂේත්‍රයටම ගොස් සිදු කිරීමට අද (18) රැස්වී වූ වී මිළදී ගැනීම් සම්බන්ධීකරණය කිරීමේ විශේෂ කමිටුවේදී තීරණය කරන ලදි.

මහනුවර දිස්ත්‍රික් ලේකම් තිස්ස කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්‍, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති වී මිළදී ගැනීම් සම්බන්ධීකරණය කිරීමේ විශේෂ කමිටුවේ මෙම තීරණ ‌ගන්නා ලදි.

ඒ අනුව ඉදිරි සතියේ සිට මහනුවර දිස්ත්‍රික්කයේ වී අස්වැන්න මිළදී ගැනීම ආරම්භ කෙරෙන අතර, මිළදී ගැනීම් කටයුතු වලදී යුද හමුදාවේ සහයෝගය ලබා ගැනීමටද තීරණය විය.

මහනුවර දිස්ත්‍රික්කයේබහෙක්ටරයාර් 4000 ක පමණ වපසරියක වී වගාව සිදු කෙරෙන අතර, එයින් මෙට්‍රික් ටොන් 8000 ක පමණ අස්වැන්නක් මෙවර බලාපොරොත්තු වේ.මහනුවර දිස්ත්‍රික්කයේ වී මිළදී ගැනීම බහුලව සිදු කෙරෙන්නේ මිනිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨශ වන අතර, වී අලෙවි මණ්ඩලයේ ගබඩා තුනක් එම ප්‍රදේශය තුළ පිහිටා ඇත.
වී අලෙවි මණ්ඩලයට අමතරව මෙවර  සමූපකාර සමිතිද වී මිළදී ගැනීම සදහා ඉදිරිපත්ව ඇති බව දිස්ත්‍රික් ලේකම්වරයා වැඩි දුරටත් පැවසීය.
මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) උත්පල ජයරත්න, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ එච්.එම්.ආර් බණ්ඩාර ඇතුළු තවත් නිලධාරීන් රැසක්ද මේ අවස්ථාවට සහභාගී වූහ.
 



අදහස් (0)

මහනුවර වී මිලට ගැනීම ළගටම ගොස් සිදුකරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 799 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2450 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1768 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site