IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


මුහුද මැදදී අසනීප වූ ධීවරයෙකු ගාලු වරාය වෙත ගෙන එයි

සුමතිපාල දීයගහගේ

ගාල්ල වරායේ සිට මුහුදු සැතපුම් 32 ක් ඈත මුහුදේ බහුදින යාත්‍රාවක සිටි, අසනීපවු බහුදින ධීවරයෙකු අද (4) ගොඩබිම වෙත ගෙනවිත් කරාපිටිය ශීක්ෂණ රෝහලට ඇතුලු කළ බව නාවික හමුදාව පවසයි.

බේරුවල ධීවර වරායෙන් මුහුදු ගොස් තිබු ප්‍රසාදි -4 නැමැති බහුදින යාත්‍රාවේ සිටි ධිවරයෙකු අංශ භාග රෝගයට ලක්ව ඇති
බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නාවික හමුදාවට දැනුම්දී තිබේ.

ඒ අනුව වහා ක්‍රියාත්මකවූ දකුණු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවක් එම බහුදින යාත්‍රාව වෙත ගොස් දැනට පවතින වසංගත තත්වය සැලකිල්ලට ගෙන සියලු ආරක්ෂක ක්‍රමවේදයන් අනුගමනය කරමින් බහුදින යාත්‍රාවේ සිටි අසනිපවූ ධීවරයා වේග ප්‍රහාරක යාත්‍රාවට ගෙන එම යාත්‍රාව තුලදීම මූලික ප්‍රතිකාර ලබාදිමට නාවික හමුදාවේ වෛද්‍යවරුන් පියවර ගෙන ඇත.

පසුව එම ධීවරයා රැගත් යාත්‍රාව ගාලු වරාය වෙත පැමිණ රෝගියා කරාපිටිය ශීක්ෂණ රෝහලට ඇතුලු කළ බව නාවික
හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා පැවසිය.



අදහස් (0)

මුහුද මැදදී අසනීප වූ ධීවරයෙකු ගාලු වරාය වෙත ගෙන එයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 790 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2442 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1766 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site