IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


මුහුදු ජලය ගොඩ ගැලීමෙන් යාපනයේ පවුල් 85ක් පීඩාවට

(ප්‍රදීප් කුමාර) 
 
යාපනය මහ නගර සභා බල ප්‍රදේශය තුළ මුහුදු ජලය ගොඩට පැමිණීම හේතුවෙන් වෙරළ ආසන්නයේ ජීවත් වන පවුල් 85 ක පමණ ජනතාව පීඩාවට පත්ව තිබේ.
 
ඒ අනුව යාපනය දිස්ත්‍රීක්කයේ පිහිටි ජේ 161 ග්‍රාම නිලධාරී වසමේ එලිලුර් හා මහේන්ද්‍රපුරම් යන ගම්මාන දෙකෙහි පවුල් 50 ක් පමණ නිවෙස් වලට මුහුදු ජලය ගොඩ ගැලීම හේතුවෙන් පීඩාවට පත්ව සිටී. එම පවුල් අතරින් පවුල් 3ක සාමාජිකයෝ මේ වන විට සිය නිවෙස් අතහැර සිය ඥාතී නිවෙස් වෙත ගොස් සිටිති.
 
මෙයට අමතරව ජේ 68 ග්‍රාම නිලධාරී වසමේ නිවාස සංකීරණයට නැගෙන හිර ප්‍රදේශයෙද ජනතාව මුහුදු ජලය ගොඩ ගැලීම හේතුවෙන් නිවාස 35 ක පමණ ජනතාව මේ හේතුවෙන් පීඩාවට පත්ව සිටිති.
 
මෙම ප්‍රදේශ ආපදා කළමනාකරණ නිලධාරීන් හා අදාල රාජ්‍ය නිලධාරීන් නීරීක්ෂණය කිරීමෙන් අනතුරුව එම ජනතාවට අවශ්‍ය සහන සැලසීම පිළිබදව සොයා බලා තිබේ. ඒ අනුව ඉදිරියේදී අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ඔවුන් සැලසුම් කර තිබේ.



අදහස් (0)

මුහුදු ජලය ගොඩ ගැලීමෙන් යාපනයේ පවුල් 85ක් පීඩාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 114 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site