(ඩබ්ලිවි.ඒ.සිරිසේන)
මුහුණ සේදීමට රක්වාන ගඟට ගිය හැත්තෑපස් හැවිරිදි එක් දරු මවක අද (2) සැඩ පහරට ගසාගෙන ගොස් මියගොස් ඇතැයි රක්වාන පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ රක්වාන අලුත්පාරගොඩ පදිංචිව සිටි හේවාහල්පගේ අයිරාංගනී නැමැති මාතාවකි.
ඇය දීර්ඝ කාලයක් අසනීප තත්ත්වයෙන් නිවසේ හුදකලාව ජීවත්ව සිටි බව පොලිසිය කියයි.
අසනීප තත්වයෙන් හුදකලාව සිටින මෙම මාතාවගෙ තොරතුරු සොයා බැලීම සදහා ඥාතීන් නිතර නිතර සෙවිල්ලෙන් සිටියත් ඊයේ දින උදේ කාලයේ නිවසට පැමිණ ඇය ගැන සොයා බලද්දී ඇය නිවසේ නොසිටි බැවින් ඒ අවට විපරම් කර බලද්දී එම මාතාව රක්වාන ගඟේ සැඩ පහරට ගසාගෙන ගොස් මීටර් 150ක් පමණ දුරින් රැඳී සිටින අයුරු නිරීක්ෂණය වී තිබේ.
පසුව ඒ පිළිබඳ අසල්වැසියන්ට හා පොලිසියට දැනුම් දීමෙන් පසුව ඒ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කෙරිණි .
කහවත්ත අධිකරණ වෛද්‍යවරයා වෙත මෘත ශරීරය යොමු කර වාර්තාවක් ලබා ගන්නා ලෙසට රක්වාන හදිසි මරණ පරීක්ෂක ධර්මදාස මොරපිටිය මහතා නියෝග කළ අතර රක්වාන පොලිසියේ උප පොලිස් පරීක්ෂක එච්.කේ. චන්ද්‍රසිරි මහතා පරීක්ෂණ කටයුතු මෙහෙයවිය.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මුහුණ සෝදන්න ගඟට ගිය මව සැඩපහරට හසුවී මියයයි