නිශාන්ත කුමාර
සංරක්ෂණය කළ යුතු සත්ත්වයෙකු වූ මුවෙකුගේ මස් කිලෝ ග්‍රෑම් තුනක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අද (19) සවස 6.00 ට පමණ එම මස් තොගයද සමග මීගහකිවුල කරමැටිය ප්‍රදේශයේදී සැකපිට අත්අඩංගුවට ගත් බව කන්දකැටිය පොලිසිය පවසයි .
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කන්දකැටිය කරමැටිය ගම්මානයේ වයස අවුරුදු 31 පුද්ගලයෙකි.
පොලිසිය වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු සහ ඔහු සතුව තිබූ මස් තොගය අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
සැකකරු හෙට (20) දින බදුල්ල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය .
කන්දකැටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩබ්ලිව් එම් සිරිවර්ධන මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්ෂණ පැවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd