IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මෝල් ගසකින් පහර දී පුද්ගලයෙක් ඝාතනය කරලා

(බන්දු තඹවිට සහ ප්‍රේමතිලක පෙරමුණ)

වැලිපැන්න,  මීගම දර්ගා නගරයේ පදිංචි පුද්ගලයකුට  නිවසක් තුළදී  මෝල්ගසකින් පහර දී ඝාතනය කර ඇතැයි වැලිපැන්න පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ  කාරියවසම් ඉදිපෙලගේ කපිල නමැති 35 හැවිරිදි අයෙකි.

 සිද්ධිය සම්බන්ධයෙන්  අත්අඩංගුවට ගත් සැකකරු  මීට වසරකට පමණ පෙර ඉතාලියේ රැකියාවක් කරමින් සිට ශ්‍රී ලංකාවට පැමිණ ඉඩම් මිලදීගෙන වැවිලි කටයුතුවල නිරත වන්නෙකු  ලෙස ජීවත් වී ඇති අතර  ඔහු  මිය පුද්ගලයාගේ ඥාතියකු  බව පොලිසිය පවසයි.

 මියගිය පුද්ගලයා ඊයේ (19)   රාත්‍රියේ පිහියක් රැගෙන පැමිණ තර්ජනය කරමින් සැකකරුගෙන්  මුදල් ඉල්ලු බවත්, තමා සතුව මුදල් නොමැති බව ඔහු   පැවසූවිට බැංකුවෙන් මුදල් රැගෙන දෙන්නැයි පවසා ඔහු  නිවස තුළ රඳවාගෙන සිටි බවත් සැකකරු පොලීසියට පවසා තිබේ.

අනතුරුව  ඝාතනයට ලක් වු පුද්ගලයා රාත්‍රීයේ  නින්දට ගිය අවස්ථාවේදී  ඔහුට මෝල් ගසකින් පහර දුන් බව  සැකකරු පොලිස් හදිසි ඇමැතුම් ඒකකය (119) හරහා  පොලීසියට දැනුම් දුන් බවත් ඔහු පොලීසිය හමුවේ වැඩි දුරටත් පාපොච්ඡාරණයක් කර ඇතැයි පොලීසය සඳහන් කරයි.
 
 මෙම ඝාතනය පිළිබඳව මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතය. 

වැලිපැන්න පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.



අදහස් (0)

මෝල් ගසකින් පහර දී පුද්ගලයෙක් ඝාතනය කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 160 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site