
(එම්. සුසිල් ප්‍රියන්ත)
අම්බලන්ගොඩ රන්දොඹේ වෙරළ තීරයට අද (17) රාත්‍රියේ ගොඩ ගසා තිබූ කාන්තා මළසිරුරක් සොයා ගත් බව අම්බ්ලන්ගොඩ පොලීසිය කියයි.
මොරටුව පල්ලෙබැද්ද ප්‍රදේශයේ පදිංචි හැටහත් හැවිරිදි ඩෝරා මෙන්ඩිස් නමැත්තියෙගේ මළ සිරුර මෙසේ සොයා ගත් බවද පොලීසිය කියයි.
මොරටුව ප්‍රද්ශයේ පදිංචි කාන්තාවකගේ මළ සිරුරක් අම්බලන්ගොඩ වෙරල තීරයක ගොඩ ගසා තිබීම දැඩි සැකයට තුඩුදුන් කාරණයක් බවද පොලීසිය කියයි.
මිය ගිය තැනැත්තියට කොරෝනා ආසාධනය වී ඇත්දැයි සෙවීම සදහා පී.සී.ආර්. පරීක්ෂණයක් පවත්වන බවද පොලීසිය කියයි.
මේ කාන්තාවගේ දේහය බලපිටිය මෘත ශරීරාගාරයේ තැන්පත් කරන ලෙස මිය ගිය තැනැත්තියගේ මරන පරීක්ෂණය සදහා ඇය ගොඩ ගසා තිබූ වෙරළ තීරයට පැමිණි බලපිටිය මූලික රෝහල් මරණ පරීක්ෂිකා කේ. වගාඅරච්චි මහත්මිය පොලීසියට නියෝග කළාය.
අම්බලන්ගොඩ පොලීසිය මේ පිලිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
748
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මොරටුවේ කතකගේ මළ සිරුරක් අම්බලන්ගොඩ වෙරළ තීරයේ