IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මොරටුවේ අනවසර වෙළඳුන් ඉවත් කිරීමට විරෝධය

(රේඛා තරංගනී ෆොන්සේකා)

මොරටු ඩිමෙල් පාරේ අනවසර පදික වෙළඳුන් ඉවත් කිරීමට යාමේදී මහ නගරසභා නිලධාරින් විසින් එම ස්ථානයේ තිබු බතල පෙට්ටියක් ලොරියකට පැටවිමට ගත් උත්සාහයේදී එම ස්ථානයේ සිටි වෙළෙන්දෝ මොරටු මහ නගර සභා ලොරිය යට නිදා ගනිමින් අද ( 26) ඊට සිය විරෝධය දැක්වූහ.

වෙළඳුන් 17 දෙනෙකු පමණ මෙම ස්ථානයේ වෙළඳාමේ නිරත වන අතර මෙම වෙළදුන් ඉවත් කිරීමට මොරටුව නගර සභාවෙන් ඊයේ (25) ද  උත්සාහ කර තිබිණි.

මොරටුව මහ නගර සභා නිලධාරින් ක්‍රියා කළ ආකාරයත් සමග අද  වෙළඳුන් විරෝධතාවයක නිරත වූ අතර එම අවස්ථාවේදී එතැනට පැමිණි මොරටු මහ නගර සභා ලොරිය බතල පෙට්ටියක් පටවා ගැනීමට දැරූ උත්සාහයේදී  එම අවස්ථාවේ සිටි පිරිස මෙලෙස විරෝධතා මතුකරන්නට වූහ.

දුප්පත් වෙළඳුන් පීඩාවට පත් වී සිටින මොහොතක මේ ආකාරයෙන් මොරටුව නගරාධිපති ඇතුළු නිලධාරින් කටයුතු කිරීම ඉතා අමානුෂික ක්‍රියාවලියක් බව ද ඔවුහු කීහ.

නගරාධිපතිවරයා පවතින තත්වය පිළිබඳව කිසිදු අවබෝධයකින් තොරව මේ ආකාරයෙන් කටයුතු කිරීම තුළ සිය දරු මල්ලන් ද දැඩි අපහසුතාවන්ට පත්ව ඇති බව එම ඔවුහූ පැවසූහ.

ඊයේ දින මොරටුව මහ නගර සභාවෙන් මෙම වෙළඳුන් ඉවත්  කරන්නට සැරසෙමින් නිලධාරින්ට පොලිස්  ආරක්ෂාව ඉල්ලා සිටි අතර මොරටු පොලිස් නිලධාරීහු ද  එසේ ආරක්ෂාව සැපයීමෙන් වැළකී සිටියහ.

ලිඛිතව හා වාචිකව සිදුකළ ඉල්ලීමට අනුව පොලිස් ආරක්ෂාව නොදුන්නේ යැයි පවසමින් මොරටුව නාගරික කොමසාරිස් තෙවරප්පෙරුම මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ඊයේ මොරටු පොලිසියට එරෙහිව පැමිණිලි 7  මොරටු පොලිසියට ඉදිරිපත් කිරීමට පියවර ගනු ලැබීය.

මොරටුව පොලිසියට පැමිණිලි හතක් ඉදිරිපත් කරමින් අනවසර වෙළඳුන් ඉන් ඉවත් කිරීමට පොලිස් ආරක්ෂාව සපයන්න යැයි ඉල්ලීම් කළත් එහිදී පොලිස් නිලධාරීන්ද පැවසූයේ මේ ආකාරයෙන් වෙළඳුන් ඉවත් කිරීම මෙවන් අවස්ථාවක සාධාරණ නොවන බවයි.

 



අදහස් (0)

මොරටුවේ අනවසර වෙළඳුන් ඉවත් කිරීමට විරෝධය

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31331 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13540 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11003 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 119 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 942 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site