(අනීෂා මානගේ)
සිය කුඩා කැබ් රථයෙන් නිවෙසට යමින් සිටියදී මාර්ගයේ ඇද තිබූ විදුලි රැහැනක පැටලීමෙන් ව්‍යාපාරික දෙදරු පියකු ඊයේ(16) රාත්‍රීයේ මිය ගොස් ඇතැයි කටුවන පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ කටුවන හිඟුරකන්ද ප්‍රදේශයේ පදිංචි අගම්පොඩිගේ විජේතුංග(35) නම් දෙදරු පියෙකු බව පොලිසිය කියයි.
එම පුද්ගලයා ව්‍යාපාරිකයකු වන අතර ඔහුට අයත් බව කියන කුඩා කැබ් රථයෙන් නිවෙසට යමින් සිටියදී නිවෙස ඉදිරිපස මාර්ගයේ වාහනය ලිස්සා ගොස් අසල තිබූ කානුවකට වැටී ඇත. ඔහු නැවත වාහනය පිටුපසට සහ ඉදිරියට ගැනීමේදී මාර්ගය හරහා ඇද තිබූ විදුලි රැහැන වාහනයේ පිටුපසින් සවි කර තිබූ බව කියන අමතර කොටසක පැටලී වයරය කැපී ඇතැයි පොලිසිය කියයි.
එහිදී ඔහු වාහනයෙන් බැස වාහනය කානුවෙන් ගොඩගැනීමට උත්සාහ කිරීමේදී විදුලි සැර වැදී ඇතැයි පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 04
694
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මාර්ගයේ ඇද තිබූ විදුලි රැහැනක වැදී අයෙක් මරුට