( දිල්රුක්ෂි ග්‍රේරු)
සිය මාමණ්ඩියට පිහියකින් ඇන ඝාතනය කළැයි තලංගම බත්තරමුල්ලේ පදිංචි විසි හය හැවිරිදි බෑණා සහ ඔහුගේ මිතුරෙකු අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලීසිය කියයි.
ඔරුවල අතුරුගිය පදිංචි ගුණසේකර ලියනගේ දොන් සරත් නැමැති 57 හැවිරිදි පුද්ගලයකු මෙලෙස මියගොස් ඇත.
සැකකරු සහ බිරිද අතර ඇතිව තිබූ පවුල් ආරවුලක් මත සැමියාගේ නිවසින් බැහැර පැමිණි බිරිද අතුරුගිරියේ පිහිටි සිය පියාගේ නිවසේ නැවතී සිට තිබේ.
එහිදි සැකකරු ඔහුගේ දරුවා බැලිමට තවත් පුද්ගලයකු සමග මාමණ්ඩියගේ නිවසට පැමිණ ඇති අතර එහිදී ඇති වූ ආරවුලක් දුරදිග ගොස් මෙම පිහි ඇනුම සිදු කර ඇතැයි පරීක්ෂණ වලදී හෙළිවී ඇතැයි පොලීසිය කියයි.
එම අවස්ථාවේදී බරපතල තුවාල ලැබා සිටි පුද්ගලයා ඔරුවල රෝහලට රැගෙන යන විටත් මිය ගොස් ඇතැයි පොලීසිය කියයි.
පිහි ඇනුම සිදු කර සැකකරුවන් පළා යාමේදී අතුරුගිරිය පොලිස් නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ .
වැඩි දුර පරීක්ෂණ අතුරුගිරිය පොලීසිය මෙහෙයවයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.