(ටෝනි කරුණානායක)
කොටදෙනියාව ප්‍රදේශයේ පිහිටි උත්සව ශාලාවක පැවති විවාහ මංගල උත්සවයකට සහභාගි වී සිටි වියපත් කාන්තාවක හදිසියේ රෝගාතුර වී මියයාමෙන් අනතුරුව ඇය කොවිඩ්-19 ආසාදිතයෙකු බවට හඳුනාගැනීමෙන් පසු එම මනාල යුවළව නිරෝධායනයට යොමු කළ බව දිවුලපිටිය සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාලය අද (26) පැවසීය.
මිය ගොස් ඇති කාන්තාව මාතර ප්‍රදේශයේ පදිංචි 76 හැවිරිදි කාන්තාවක් බවත්, නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි ඇයගේ බාල දියණියගේ දියණිය (මිනිපිරිය) ගේ විවාහ මංගල උත්සවයට සහභාගි වී සිටින අවස්ථාවේ දී හදිසියේ රෝගාතුර වී මෙසේ මිය ගොස් ඇති බව හෙතෙම පැවසීය.
මංගල උත්සවයේ පෝරුවේ චාරිත්‍ර සිදුකරමින් සිටින අවස්ථාවේ හදිසියේ රෝගාතුර වී මිය ගිය එම කාන්තාවට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව දඹදෙණිය රෝහලේ දී සිදු කරන ලද ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයේදි අනාවරණය වී ඇතැයි දිවුලපිටිය පරිපාලන මහජන සෞඛ්‍යය පරීක්ෂක එස්.ඒ.යූ.ටී.කුලතිලක මහතා අද කීය.
වියපත් කාන්තාව රෝගී වූ අවස්ථාවේ සිට රෝහල වෙත රැගෙන යන අවස්ථාව දක්වා ඊට සහාය වු හඳුනාගත් 8 දෙනෙකු සහ ඇය සමග මංගල උත්සවයට වාහනයෙන් පැමිණි අයවලුන්ට තම නිවෙස් තුලම නිරෝධායනයට යොමු වන ලෙස උපදෙස් ලබා දුන් බව පරිපාලන මහජන සෞඛ්‍යය පරීක්ෂක කුලතිලක මහතා පැවසීය. වියපත් කාන්තාව මාතර ප්‍රදේශයේ පදිංචි දියණියකගේ නිවසේ සිට මීට දින 4කට පෙර නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි මනාළියගේ නිවසට පැමිණි ඇති හෙයින් එම නිවසේ පදිංචිකරුවන්ට ද නිරෝධායනයට යොමු වෙන ලෙස උපදෙස් ලබා දුන් බව කීය.
නිරෝධායනයට යොමු කළ පිරිස සම්බන්ධයෙන් එම පළාත් බාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැනුවත් කර ඇත.
2025 දෙසැම්බර් මස 30
76
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
731
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
352
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මිනිබිරියගේ මංගල්‍යයට ආ ආච්චිට කොරෝනා - මනාල යුවල නිරෝධායනට