IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


මධ්‍යම පළාතේ කොරෝනා ආසාදිතයන් 862 ක්

(පී.එම්. රාජපක්ෂ) 

මධ්‍යම පළාතේ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ( අද පෙරවරු 6.00 වන විට) 862ක් දක්වා ඉහළ ගොස් ඇති බව  මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි. 

ඒ අනුව මධ්‍යම පළාතේ වැඩිම කොවිඩ් ආසාදිතයින් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර එම සංඛ්‍යාව 540 කි. නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 254 දෙනෙකුද මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 68 දෙනෙකුද වාර්තා වී ඇත.

අද (12) පෙරවරු 6.00 දක්වා කාලය තුළ පළාත තුළින් වාර්තාවූ නව ආසාදිතයින් සංඛ්‍යාව 28 කි. ඒ මහනුවර දිස්ත්‍රික්කයෙන් 23 ක් හා මාතලේ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 05 ක් වශයෙනි.

මේ දක්වා මහනුවර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස අතරින් වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් මහනුවර නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සීමාවෙන් වාර්තා වේ. ඒ ආසාදිතයින් 142 කි. නුවරඑළිය දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිත පිරිසක් වාර්තා වන්නේ, අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙනි. ඒ ආසාදිතයින් 117කි. මාතලේ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිත පිරිසක් වාර්තා වන්නේ, ගලේවෙල  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙනි. ඒ ආසාදිතයින් 14 කි.

මේ අතර මහනුවර හා මාතලේ දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක කො‍රෝනා ආසාදිතයින් සඳහා වන කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන පහක අද (12) වනවිට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 729 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානවල අද (12) පෙරවරු 6.00 වන විට රෝගීන් 61ක් ඇතුළත්කර ඇති අතර එදින සුවය ලබා පිටවූ සංඛ්‍යාව 09 දෙනෙකි.

 



අදහස් (0)

මධ්‍යම පළාතේ කොරෝනා ආසාදිතයන් 862 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 746 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site