IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මාතලේ බස් වර්ජනය දෙවැනි දිනටත්

(රවින්ද්‍ර විරාජ් අබයසිරි)


මාතලේ අඹගහමුල බස් නැවතුම්පලෙන් ධාවනය වන බස් අද (20) දෙවැනි දිනටත් වර්ජනය එලෙසින්ම ක්‍රියාත්මක කර ඇත.
 

බස්රථ ගමන් කළ නොහැකි වන අයුරින් එම භුමිය තුළ මාතලේ මහ නගර සභාව විසින් බැකෝ යන්ත්‍රයක් යොදා ගනිමින් කාණු කපා පස් කදු ගොඩ ගැසීමට විරෝධය දැක්වීම හේතුවෙන් බස් ධාවනයේ ඉවත් වී තිබේ.

මාතලේ මහනගර සභාව විසින් ඊයේ (19) එම බස් නැවතුම්පල තුළ කාණු පද්ධතියක් කැපීමට උත්සහ කළ නමුත් බස් රථ හිමියන් රියදුරන් හා රිය සහයකයින්ගේ විරෝධතාව හේතුවෙන් එම කටයුත්ත පොලිසිය මැදිහත් වී තාවකාලිකව අත්හිටවීමට කටයුතු කර තිබේ. මේ හේතුවෙන් රත්තොට ගලේවෙල දඹුල්ල කවටයාමුණු ඇතුළු ප්‍රදේශ රැසක් වෙත ගමන් කරන බස්රථ 60ක් පමණ වර්ජනය හේතුවෙන් එහි ගමනා ගමන කටයුතු අඩාලවී ඇත.


බස් නැවතුම්පලට ඇතුළු විය නොහැකි අයුරින් බස් රථ හරස්කර විරෝධතාවේ නියලෙන විරෝධතාකරුවන් පවසන්නේ පෙරේදා(19) වන දින නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ මහතා ඇතුළු නිලධාරීන් පැමිණ කැණු කැපීමට විරුද්ධවීම නිසා (19) රාත්‍රී 10.00 සිට පසුදා අලුයම1.00 දක්වා බැකෝ යන්ත්‍රයකින් බස් නැවතුම්පල තුළ කාණු පද්ධතියක් කැපීමට කටයුතු කර ඇති බවයි.

මෙම බස් නැවතුම්පල යථා තත්වටය පත් කරන තුරු අඛණ්ඩ විරෝධතාවේ නියැලෙන බව ඔවුහු පවසති.

මෙම විරෝධතාවට එක්ව සිටන මාතලේ මහනගර සභාවේ පොදුජන පෙරමුණු මන්ත්‍රි අමිල නිරෝෂණ මහතා මෙසේ කීය.

මාතලේ මහ නගර සභාවට අයත් නොවන මෙම බස් නැවතුම්පලට ඇතුළු වීමේ සිදු කර ඇති ක්‍රියාව  සභා අනුමැතියකින් තොරව සිදු කර ඇත්තක්. පළාත් පාලන අඥා පනත උල්ලංඝණය කරමින් සිදු කර ඇති මෙම ක්‍රියාව විපක්ෂය ලෙස අපි පිළිකුලෙන් හෙළා දකිනවා. මීට පෙරද නගරාධිපතිවරයා දුම්රිය ස්ථානයට අයතා ලෙස ඇතුළු වීමක් සම්බන්ධයෙන් අධිකරණයට ගොස් ශරිර ඇපයක් මත සිටින්නේ අපි ඉල්ලන්නේ නගරාධිපතිවරයා මානසික වෛද්‍යවරයකු යොමු කර ඔහුගේ තත්වය සොයා බලන ලෙස යැයි කීය.
  



අදහස් (0)

මාතලේ බස් වර්ජනය දෙවැනි දිනටත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 160 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site