IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මාතලේ එන්නත්කරණ වැඩසටහන අරඹයි

(මහේෂ් කිර්තිරත්න)

මාතලේ දිස්ත්‍රික් එන්නත්කරණ වැඩසටහන යටතේ මාතලේ දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරින් සහ සෙසු අත්‍යවශ්‍ය සේවා සපයන නිලධාරින් 6,000ක් සදහා එන්නත්කරණ වැඩසටහන අද (09)  මාතලේ දිස්ත්‍රික්කය පුරා මධ්‍යස්ථාන කිහිපයකදි සිදු කෙරිණි.

ඒ අනුව දඹුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ටාසයේ  නිලධාරින් 502ක්ද මාතලේ මහ නගර සභාවේ නිලධාරින් 718ක්ද මාතලේ ප්‍රාදේශිය ලේකම් කොට්ටාසයේ   නිලධාරින් 752ක්ද යටවත්තේ නිලධාරින්  400ක්ද පල්ලේපොල  නිලධාරින් 388ක්ද ගලේවෙල නිලධාරින්  516ක්ද නාවුල නිලධාරින් 435ක්ද ලග්ගල  නිලධාරින් 306ක්ද විල්ගමුව නිලධාරින් 340ක්ද රත්තොට නිලධාරින්  405ක්ද  අඹන්ගඟකෝරලේ  නිලධාරින් 208ක්ද උකුවෙල නිලධාරින්  472 කට දපළමු අදියර යටතේ එන්නත්කරණය සිදු කෙරිණි.

ශ්‍රි ලංකා පොලිසිය මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල පළාත් පාලන ආයතන නියෝජිතයන්, පළාත් පාලන ආයතන සෞඛ්‍ය කම්කරුවන්, ටෙලිකොම් ආයතන සේවකයන්ලසමුපකාර සේවකයන්ලලංකා විදුලි බල මණ්ඩලයලජල සම්පාදන මණ්ඩලය සහ තැපැල් දෙපාර්තමේන්තුව යනාදිය ඇතුලත් වේ.

එන්නත්කරණ වැඩසටහනේ පළමු අදියර යටතේ මාතලේ මාධ්‍යවේදීන් 47 දෙනෙකුට ද එන්නත්කරණය සිදු කිරිම මාතලේ විජය විදුහලේ දි සිදු කෙරුණි.

මෙම කටයුතු නිරික්ෂණය කිරිම සදහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ. රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකොන් , මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි නාලක බණ්ඩාර කෝට්ටේගොඩ, පාර්ලිමෙන්තු මන්ත්‍රි ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන්, පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහණ දිසානායක, මාතලේ මහ නගරාධිපති සන්දනම් ප්‍රකාශ්, දඹූල්ල මහ නගරාධිපති ජාලිය ඕපාත මාතලේ ප්‍රාදේශිය සභාවේ සභාපති කපිල හේන්දෙණිය,  මාතලේ උප නගරාධිපති අමිල නිරෝෂන, ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න, මාතලේ කොවිඩ් මර්දන කමිටුවේ සම්බන්ධිකාරක මේජර් ජනරාල් නිශාන්ත මානගේ, පලාත් සෞඛ්‍ය ලේකම් ආර්ගඑමි ජයවික්‍රම  යන මහත්වරුන් විසින් සිදු කළ අතර  මාතලේ දිස්ත්‍රික් සේඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය චමින්ද විරකොන්, වසංගත රෝග විශේෂඥ වෛද්‍ය වසන්ත බණ්ඩාර, වෛද්‍ය ප්‍රභාත් රණසිංහ යන මහත්වරුන් ඇතුලු  ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා නිලධාරින්, මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පොලිසිය හා හමුදා නිලධාරින් ඇතුලු පිරිස් මෙම එන්නත්කරණ වැඩපිළිවෙලට සහය දක්වති.



අදහස් (0)

මාතලේ එන්නත්කරණ වැඩසටහන අරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31179 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13338 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10962 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 64 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 896 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 269 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site