IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


මාතලේ අක්කර 11,000ක කැලෑ එළිපෙහෙළි කරලා


(මහේෂ් කිර්තිරත්න)

 
මාතලේ දිස්ත්‍රික්කයේ විවිධ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතින් සහ විවිධ කටයුතු  සදහා අක්කර 11,000ක් එළිපෙහෙළි කර ඇති බව මාතලේ ග්‍රාම අභිවෘද්ධි පරිසර සංවිධානයේ අධ්‍යක්ෂ පරිසරවේදි ගාමිණි ජයතිස්ස මහතා පැවසීය.
 
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ මාතලේ දිස්ත්‍රික් පරිසර කමිටු රැස්විමට එක්වෙමිනි.මාතලේ අතිරේක මහ දිසාපති ඉෂාන් විජේතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටු රැස්වීම පැවැත්විණි.
 
වැඩිදුරටත් අදහස් දැක්වු ගාමිණි ජයතිස්ස මහතා කියා සිටියේ මොරගහකන්ද සහ කළුගග ජලාශ සදහා විශාල වශයෙන් කැලෑ එළිපෙහෙළි කර ඇති බවත්, මේ තත්වය මත මාතලේ දිස්ත්‍රික්කයේ පවතින වන ගහනය අඩුවෙමින් පවතින බවත්ය.
 
මේ වන විට මාතලේ,යටවත්ත,උකුවෙල,රත්තොට වැනි ප්‍රදේශවල වියළි කලාපීය ලක්ෂණ දක්නට ලැබෙන බවත්, වියළි කලාපවල වෙසෙන සතුන් ද මේ ප්‍රදේශවලින් හමුවන බවත්, දේශගුණික විපර්යාසන්යට ලක්වෙමින් ඇති බවත් ඒ මහතා කීය.
 



අදහස් (0)

මාතලේ අක්කර 11,000ක කැලෑ එළිපෙහෙළි කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site