
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
ත්‍රිරෝද රථ අලංකාරකර ගැනීමට අමතර උපාංග සවි කර ගැනීම සඳහා අවසර ලබාදෙන්නැයි ඉල්ලා මාතර දිස්ත්‍රික්කයේ ත්‍රි රෝද රථ රියැදුරෝ පිරිසක් අද (01) සිය ත්‍රිරෝද රථ ද මාතර වෙරල පාරට රැගෙනවිත් උද්ඝෝෂණයක නිරතවූහ.
අමතර උපාංග සවි කර ගෙන ධාවනය වන ත්‍රි රෝද රථවලට පොලීසියෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති බවද එම බලපෑම් වහා නතර කරන්නැයි ද ඔවුහු ඉල්ලා සිටියහ.
විවිධ උපාංග සවි කර අලංකාර කරන ලද ත්‍රි රෝද රථ තුන්සියයකට වැඩි ප්‍රමාණයක් මෙම විරෝධතාවට එක් කර තිබුණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න රටේ දැවෙන ප්‍රශ්න..
ඔය පිස්සු වැඩේට අවසර දෙන්නම එපා. පොලිසිය හරි. ඔය එක එක පාට පාට ලයිට් දාගෙන ගිහිල්ලා වාහන රාශියක් අනතුරට ලක්කරන්න මේ පිස්සු ත්‍රිවිල් ( සියල්ලම නොවේ. ඉතාම ලස්සනට ,ක්ලැසික් විදිහට තමන්ගේ වහනය තියාගෙන ඉන්න ත්‍රිවිල් රියදුරන් රාශියක් ඉන්නවා. ඒ යට මගේ ආචාරය.) හැකිවුනා. ඒ නිසා තමයි පොලිසිය දැඩි නීති ගෙනාවේ. ඔය ත්‍රිවිල් මාෆියාව නැත්තටම නැතිවෙනවානම් මම කැමතියි.