(දිලීප් ජයසේකර)
පරණ මත්තල පාරේ උඩ මත්තල ප්‍රදේශයේදී වන අලියකු කළ පහරදීමකින් පුද්ගලයෙකු මියගොස් ඇතැයි ලුණුගම්වෙහෙර පොලිසිය පවසයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අංක 362, පහළ අන්දරවැව, හම්බන්තොට පදිංචිව සිටි වීරකුමාර හෙට්ටිආරච්චි නැමති 45 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකි.
එම පුද්ගලයා තවත් අයෙකු සමග ලුණුගම්වෙර නගරයට ගොස් නැවත යතුරු පැදියෙන් නිවෙස බලා එමින් සිටියදී ඊයේ සවස අලියා පහරදී ඇත. එම පුද්ගලයා පසුපස මීටර් 400ක පමණ දුරක් හඹාගොස් ඔහුට පහරදුන් අලියා මියගිය පුද්ගලයාගේ සිරුරටද දැඩි ලෙස හානි කර තිබේ.
සිද්ධියෙන් දිවි ගලවාගත් උඩමත්තල, ලුණුගම්වෙහෙර පදිංචි එස්.ඒ.චන්ද්‍රදාස මහතා මෙසේ පැවසීය.
“මමයි වීරකුමාරයි දෙන්නා දවල් ලුණුගම්වෙරට ගිහින් පරණ මත්තල පාර දිගේ ගෙදර බයිසිකලෙන් ගෙදර එනකොට උඩමත්තල ගම කිට්ටු වෙද්දි අලියා එක සැරේටම පාරට පැන්නා. අපි බයිසිකලය එහෙමම අතුරු පාරකට හැරෙව්වා. ඒත් එක්කම අලියා එක පිම්මට පැනලා අපිට ගැහුවා. නමුත් වැදුණේ බයිසිකලයේ රෝදයට. අපි දෙන්නා විසි වෙලා ගිහින් වැටුණා. අලියා ළඟට එන්න කලින් වීරෙයි මායි දෙපැත්තට දිව්වා. මං කැලේ ඇතුලෙන් රිංගලා මහ පාරට ඇවිත් බලනකොට වීරකුමාර පේන්න නෑ. ගමේ අය ඇවිත් වීරකුමාර දිව්ව පැත්තට ගිහින් බලද්දී ඔහු වැටිලා මිය ගිහින් හිටියා.
ගිය සතියෙත් දින පහක් තුළ මේ පැත්තේ ගෙවල් 10ක් විතර මේ අලියා කැඩුවා. කිහිප දෙනෙකුටම පහර දුන්නා. අපි වනජීවි නිලධාරීන්ට කට කැඩෙනකම් කිව්වා මිනිහෙක් මරන්න කලින් මේ අලියා අරන් යන්න කියලා. නමුත් අපි කියපුවා ඒ අය කනකට ගත්තේ නෑ. ඒකෙන් වුණේ අහිංසක මනුස්සයෙක්ට ජීවිතය නැතිවුණ එකයි” යැයි පැවසීය.
ගම්මුන් පවසන්නේ මද කිපුණ තනි අලියෙකු මේ දින කිහිපයේම මේ ප්‍රදේශයේ සැරිසරන බවයි.
“ගෙවුණු සතියට නිවාස 10ක් විතර මේ අලියා කැඩුවා. වගා රැසකට හානි කළා. කිහිප දෙනෙකුටම පහරදීලා. හේන්වල වැඩ කරමින් සිටි මිනිස්සු පස්සේ එළවලා තිබුණා. තවත් ජීවිතයක් බිලිවෙන්න කලින් මේ අලියා අල්ලලා අරගෙන යන්න කියලයි අපි වගකිවයුත්තන්ගෙන් ඉල්ලන්නේ” යැයි ගම්මු පැවසූහ.
හදිසි මරණ පරීක්ෂණය තිස්සමහාරාම හදිසි මරණ පරීක්ෂක කේ.ජී.සී.නිරංජන් මහතා විසින් පවත්වන ලදි.
සිද්ධිය සම්බන්ධයෙන් ලුණුගම්වෙහෙර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී.පී.දිසානායක මහතා ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2025 නොවැම්බර් මස 04
831
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2474
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1779
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මත්තල මාර්ගයේදී වන අලියකු පහර දී අයෙක් මරුට