IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


මත්කුඩු ජාවාරමේ නිරත වූ අයෙකු අත්අඩංගුවට

(කුෂාන් ජයවර්ධන)

කැකිරාව අවට ප්‍රදේශවල මත්කුඩු ජාවාරමේ නිරත වූ පුද්ගලයකු සමඟ මත්කුඩු සන්තකයේ තබා ගෙන සිටි තරුණයන් දෙදෙනෙකු අද (18) අත්අඩංගුවට ගත්බව කැකිරාව පොලිසිය පැවසීය.

යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන්ගෙන් ලද තොරතුරකට අනුව කැකිරාව පොලිසියේ දූශණ මර්ධන අංශයේ නිලධාරීන්  කළ ක්ෂණික මෙහෙයුමකදී සැකකරුවන් සහ අදාළ මත් කුඩු තොගය අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිව තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 23 ත් 27 ත් අතර වයස්වල පසුවන තරුණයන් බව පොලිසිය පැවසීය. මෙම පිරිස කැකිරාව මල්දෙණිපුර ඔලොම්බෑව සහ  ඔලුකරද යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා ගලෙන්බිදුනුවැව නාමල් පුර ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කියයි.

කැකිරාව වෙරුංකුලම වැව් රක්ෂිතයේ දී රහසිගත ස්ථානයක මත්කුඩු තොගයක් බෙදාහැරීමට සූදානම් කරමින් සිටියදී ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු සන්තකයේ තිබී මත්කුඩු ග්‍රෑම් 12.5 ක ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇති අතර ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ලද තොරතුරුකට  අනුව මත්කුඩු සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවන් දෙදෙනා කැකිරාව බස්නැවතුම්පොළ තුළදී අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි.

එම සැකකරුවන් සන්තකයේ තිබී මත්කුඩු මිලි ග්‍රෑම් 350 ක ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ මත්කුඩු තොගය හෙට (19) කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.   

 



අදහස් (1)

මත්කුඩු ජාවාරමේ නිරත වූ අයෙකු අත්අඩංගුවට

Pradeep Tuesday, 18 February 2020 04:42 PM

අහෝ.! අපේ පාසල් සමය සහ යොවුන් විය ගෙවුණු සුන්දර පරිසරය. එකල අප සිත් සැනසූ ප්‍රදේශයම අද කාලයාගේ ඇවෑමෙන් පත්වී තිබෙන තැන. අතිශයින්ම කණගාටුයි.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1490 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1650 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 435 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site