(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ගිනි අවියක් රැගෙන යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙක් මීගොඩ වටරැක ඉන්ධන පිරවුම්හලේ පොම්පකරු සතුව තිබූ රුපියල් 19000 ක මුදලක් කොල්ලකා පලාගොස් ඇතැයි මීගොඩ පොලිසිය කියයි.
ඉන්ධන ලබාගැනීමේ මුවාවෙන් පැමිණ තිබූ මෙම කොල්ල කරුවන් දෙදෙනා ඉන්ධන ලබා ගැනීමෙන් අනතුරුව යතුරුපැදියේ පිටුපස පැමිණි පුද්ගලයා එයින් බැස පොම්පකරු අසලටම ගොස් ගිනි අවිය එල්ල කර මරණීය තර්ජනය කරන මුදල් කොල්ල කා පලා ගොස් තිබූ බව පොලිසිය කියයි.
කොල්ල කරුවන් දෙදෙනා පැමිණි යතුරු පැදියේ අංකය පොම්පකරුවන් සටහන් කරගෙන ඇති අතර ඒ ඔස්සේ විමර්ශන සිදුකරන බව පොලීසිය සඳහන් කරයි.
මීගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd