IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


බස් වලින් කප්පම් ගන්නා පිරිස් අත්අඩංගුවට ගන්න බුද්ධි අංශ නිලධාරීන් යොදවන්න යයි

(නිමල කොඩිතුවක්කු)
 
බස්රථවලින් කප්පම් ගන්නා පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා බුද්ධි අංශ නිලධාරීන් යොදවන බව වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා සහ දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ලංකාදීපයට පැවසීය.
 
බස්රථ වලින් කප්පම් ගන්නා පුද්ගලයන්ට එරෙහිව තදින් නීතිය ක්‍රියාත්මක කරන්නැයි ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබාදී ඇතැයිද  ඔහු සඳහන් කළේය.
 
කොරෝනා වසංගතය හේතුවෙන් පෞද්ගලික බස් කර්මාණ්තය කඩා වැටී තිබියදීත් මාසයකට රුපියල් කෝටි 20ක පමණ මුදලක් කප්පම්කරුවන්ට  ගෙවීමට  බස් හිමියන්ට සිදුවී ඇතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ඉකුත්දා ප්‍රකාශ කළේය.
 
දිවයිනපුරා තිබෙන පෞද්ගලික බස්රථ 20,000කින් පමණ  නිල සහ නොනිල ආකාරයට කප්පම්කරුවන් මෙලෙස කප්පම් මුදල් අයකරන බවද ඔහු කීවේය.
 
පත්වීමක් නොමැති වේලාසටහන්කරුවන්  ඉදිරියේදී  සිටිය නොහැකි බවත්  නිල වේලාසටහන්කරුවන්ට මුදල් අයකිරීමක් කළ නොහැකි බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
 
වේලාසටහන්කරුවන්  යම් ආකාරයකින්  මුදල් අයකිරිමක් සිදුකළහොත් ඒ සම්බන්ධ පැමිණිලි රාජ්‍ය අමාත්‍යාංශය වෙත  ඉදිරිපත් කරන ලෙසත් බස් හිමියන්ගේ රහස්‍ය බාවය ආරක්ෂාකරමින් නීතිමය ක්‍රියාමාර්ග ගැනිමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.



අදහස් (1)

බස් වලින් කප්පම් ගන්නා පිරිස් අත්අඩංගුවට ගන්න බුද්ධි අංශ නිලධාරීන් යොදවන්න යයි

Nuwan Wednesday, 16 September 2020 11:48 AM

එකෙක් දෙන්නෙක්ට ගහලා ගහලා අතපය කඩලා බස්එකෙන් එළියට තල්ලු කළාම ලස්සනට ඔය ප්‍රශ්නය විසඳෙනවා. කප්පම්කාරයෝ වෙන රැකියා හොයාගනියි. මෙච්චරකල් මේවාට ඉඩදීලා බුදියාගෙන හිටි පොලිසිය ගැනත් යමක් කරන්න ඕනෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 152 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 775 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 376 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site