(ජී. ඩබ්. කේ. ප්‍රේමතිලක ද සිල්වා)
ඉමදූව සද්ධාතිස්ස මාවත අසළදී පෞද්ගලික බස් රථයක ගැටීමෙන් අද(10) කාන්තාවක මිය ගොස් ඇතැයි ඉමදූව පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ අඟුලුගහපදිංචිව සිටි යාපගේ ලිලානි ශාමලී නැමැති 69 හැවිරිදි විශ්‍රාමික ගුරුවරියකි.
පොලීසිය පැවසුවේ, මෙම කාන්තාව සිය විශ්‍රාම වැටුප බැංකුවෙන් රැගෙන ආපසු එමින් සිටියදී අහංගම සිට මාකුඹුරට බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක ගැටී අනතුරට පත් වී ඇති බවය.
බස් රථයේ රියදුරා පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
ඉමදුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
COMMENTS
හරිම කණගාටුදායක වගේම කම්පනය දනවන සිදුවීමක්. පුද්ගලිකව මම මේ ගුරුතුමියව දන්නවා. හරිම කරුණාවන්ත, අහිංසක, කාටවත් කරදරයක් නැති ළමයින් දහස් ගාණකගේ ඇස් පාදපු ගුරුතුමියක්. එකම එක දුවෙක් විතරයි ඉන්නේ. පව් ! ඒ ළමයා කොහොම අනාගතයට මූණ දෙයිද? මෙම කණගාටුදායක මරණයට වගකියන්න ඕනේ පුද්ගලික බස් මාරයානම් ඔහුට හොඳක් වෙන්නේ නෑ මේ අහස පොළොව නුහුළන අපරාධයට.
බස් අයිතිකාරයෙක්, රියදුරෙක් කොන්දොස්තර කෙනෙක් දිහා බලන්න. ඔවුන් හිනා වෙනවා අඩුයි. මුහුණු නපුරු කමින් පිරිලා. ඉක්මනට කෝප වෙනවා. ඔවුන් කරන අමාරු රස්සාව නිසා වෙන්න ඇති. ඒ වගේම ළඟක ඉඳල බස් අනතුරු සිදුවීම වැඩියි. අපි පොඩිකාලේ සිටි ලංගම බස් රියදුරන්ගේ විනයක් තිබුනා. ඔවුන් දොරවල් නැති බස් වල අතින් ක්‍රියා කරවන දොරක් අරින වහන එකත් කළේ රිය පැදවීමට අමතරව. මිනිස්සුන්ට පා පුවරුවේ යන්න දුන්නේ ඊළඟට යන්න බස් එකක් නැති අවස්ථාවක විතරයි. එහෙම පුහුණුවක් විනයක් ලැබුණු බස් සේවාව දැන් පුද්ගලික බස් වගේම පිරිහිලා. මේ ප්‍රවනතාවය දැන්වත් නවත්වන්න ඕන. පුද්ගලික සහ රජයේ බස් සේවකයන්ට දැඩි පුහුණුවක් ලැබීම අනිවාර්යයෙන්ම සිදු විය යුතුයි.