
(අනීෂා මානගේ)
ඇත් දළ කැබැලි දෙකක් සන්තකයේ තබාගෙන බසයෙන් ගමන් කරමින් සිටි මගියකු අද(4) අත්අඩංගුවට ගත් බව තංගල්ල කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ නිලධාරිහු කියති.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ බේරුවල ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි අයකු බව පොලිසිය කියයි
මොණරාගල සිට මාතර දක්වා ධාවනය බස් රථයක ගමන් කළ මගියකු සතුව තිබී ඇත් දළ කැබැලි දෙකක් මෙලෙස සොයාගෙන තිබේ. තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරියකුගේ තොරතුරු අනුව මෙම සැකකරු නෙටොල්පිටිය වැලිආර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
අඟල් 11ක් වට ප්‍රමාණය අඟල් 7ක් වන සහ අඟල් 6ක් දිගැති වට ප්‍රමාණය අඟල් 6ක් වන ඇත්දළ කැබැලි දෙකක් මෙලෙස සැකකරු සමඟ අත්අඩංගුවට ගෙන තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd