(ප්‍රසාද් රුක්මල් සහ පාලිත ආරියවංශ)
හාලිඇල අඹවක ප්‍රදේශයේ දී අද (13) බලපත්‍ර නොමැතිව හොර රහසේ ගවයින් ලොරියකින් රැගෙන යමින් සිටි පුද්ගලයකු ඌව දිසා දූෂණ මර්දන අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගත් බව හාලිඇල පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ, බදුල්ල බදුලුපිටිය පදිංචි 34හැවිරිදි පුද්ගලයෙකි.
අත්අඩංගුවට ගන්නා විටත් ලොරිය තුළ ගවයින් සිව්දෙනෙකු සිටි බවද පොලිසිය කියයි.
ඌව දිසා දූෂණ මර්ධන අංශයේ නිලධාරීන් ලැබුණු තොරතුරක් මත අලුයම හාලිඇල අඹවක ප්‍රදේශයේ රැකවලෙහි සිට හාලිඇල නගරය දෙසට අලුයම ධාවනය වෙමින් තිබූ මෙම ලොරිය නවතා පරීක්ෂා කළ බවත්, එහිදී ගවයන් සමඟ ලොරියත් සැකකරුත් අත්අඩංගුවට ගත් බවත් පොලිසිය සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් ලොරිය සමඟ සැකකරු වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා හාලිඇල පොලිසියට බාර දී තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd