IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


බලපත්‍ර රහිතව ගවයන් ප්‍රවාහනය කළ අයෙකු අත්අඩංගුවට

(ප්‍රසාද් රුක්මල් සහ පාලිත ආරියවංශ)
 
හාලිඇල අඹවක  ප්‍රදේශයේ දී අද (13) බලපත්‍ර නොමැතිව හොර රහසේ ගවයින් ලොරියකින් රැගෙන යමින් සිටි පුද්ගලයකු ඌව දිසා දූෂණ මර්දන අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගත් බව හාලිඇල පොලිසිය පවසයි.
 
අත්අඩංගුවට ගෙන ඇත්තේ, බදුල්ල බදුලුපිටිය  පදිංචි 34හැවිරිදි පුද්ගලයෙකි.
 
අත්අඩංගුවට ගන්නා විටත් ලොරිය තුළ ගවයින් සිව්දෙනෙකු සිටි බවද පොලිසිය කියයි.
 
ඌව දිසා දූෂණ මර්ධන අංශයේ නිලධාරීන් ලැබුණු තොරතුරක් මත අලුයම හාලිඇල අඹවක ප්‍රදේශයේ රැකවලෙහි සිට හාලිඇල නගරය දෙසට අලුයම ධාවනය වෙමින් තිබූ මෙම ලොරිය නවතා පරීක්ෂා කළ බවත්, එහිදී ගවයන් සමඟ ලොරියත් සැකකරුත් අත්අඩංගුවට ගත් බවත් පොලිසිය සඳහන් කළේය.
 
අත්අඩංගුවට ගත් ලොරිය සමඟ සැකකරු වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා හාලිඇල පොලිසියට බාර දී තිබේ.



අදහස් (0)

බලපත්‍ර රහිතව ගවයන් ප්‍රවාහනය කළ අයෙකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 832 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2474 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1779 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site