(එම් .සුසිල් ප්‍රියන්ත)
බලපිටිය ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක එම්.ඩබ්ලිව් .සෙනරත් මහතා ඇතුලු එක්සත් ජාතික පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් විරෝධතා පුවරු ඔසවාගෙන කලු පටි පැළද අද (16) පැවති මාසික සභා රැස්වීමට පැමීනීමත් සමගම සභා රැස්වීම දැඩි උණුසුම් තත්වයක් ඇතිවිය.
බඩු මිල දිනෙන් දිනම ඉහළ යතැයි කියමින් ඔවුහු මේ විරෝධතාවට එක්වූහ.
මාසික සභා රැස්වීම ආරම්භවීමට පෙර විපක්ෂ නායක එම්.ඩබ්ලිව්.සෙනරත් මහතා ඇතුලු එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරු කලු පටි පැලද සභා රැස්වීම ඉදිරිපිට ගාලු පාර අයිනේ සිට විරෝධතා පුවරු ඔසවාගෙන විරෝධතාවේ නිරතවූහ.
ඉන් පසු විපක්ෂ නායක එම් .ඩබ්ලිව්.සෙනරත් මහතා බඩු මිල ඉහලයාම සදහා සැකසු කවියක්(වස් කවියක්) කියමින් කපුරු පත්තු කරන ලද පොල් ගෙඩියක් මහ පාරේ ගැසුවේය.
විපක්ෂයේ මන්ත්‍රිවරුන් සභා ගැබට එත්ම පාලක පොදු ජන පෙරමුණේ මන්ත්‍රිවරුන්ගේ වාග් ප්‍රහාරයන් සමග මෙවර පැවති බලපිටිය ප්‍රාදේශීය සභා මාසික රැස්වීම දැඩි සේ උණුසුම්වී ගියේය .




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd