IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


බලපිටිය ප්‍රා. සබේ මන්ත්‍රීවරු කලු පටි පැළද සභා ගැබට එති

(එම් .සුසිල් ප්‍රියන්ත, එස්.ඒ.වයි ද සිල්වා)

             

ස්වාධීන මන්ත්‍රීවරුන් දෙදෙනෙකු  හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ එක් මන්ත්‍රීවරයෙක් කාරණා දෙකක් සම්බන්ධයෙන් විරෝධතා දැක්වීමට කලු ඇදුමින් හා කලු පටි පැළද අද (17 ) පැවති බලපිටිය ප්‍රාදේශීය සභා මාසික රැස්වීමට පැමිණියහ.

      

ස්වාධීන මන්ත්‍රීවරුන් දෙදෙනෙකු වන නුවන් සම්පත් හා චරිත් මහේන් යන මහත්වරුන් දෙදෙනා එක් කාරණාවක් සම්බන්ධයෙන්ද  සහ හිටපු සභාපති වත්මන් ප්‍රාදේශීය සභා මන්ත්‍රි ඒ දයාරතන ද සිල්වා මහතා තවත් කාරණාවක් සම්බන්ධයෙන්ද මෙසේ  විරෝධතා දැක්වීමට කලු ඇදුමින් හා කළු පටි පැළද සභා ගර්භයට පැමිණ අසුන් ගත්හ.

          

මෙතෙක් කලක වණ සං‍රක්ෂණ දෙපාර්තමේන්තුවට හිමිව තිබූ අවශේෂ වනාන්තරවල බලය ප්‍රාදේශීය ලේකම්වරුන්ට හා දිස්‍ත්‍රික් ලේකම්වරුන්ට පැවරීමට විරෝධය පා ස්වාධීන මන්ත්‍රීවරුන් වන නුවන් සම්පත් හා චරිත් මහේන් යන මහත්වරුන් මෙසේ විරෝධතාව දැක්වූ අතර හිටපු සභාපති වත්මන් ප්‍රාදේශීය සභා මන්ත්‍රි ඒ .දයාරත්න මහතා මෙසේ විරෝධතාව දැක්වූයේ බලපිටිය හරස්පොලේ  ඉදිකිරීමට යෝජිත්ව තිබූ ධීවර වරාය වෙනත් ස්ථානයක ඉදිකිරීමට විරෝධය පාමින්ය.

              

මෙතෙක් කලක් වණ සං‍රක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම්වල බලතල ප්‍රාදේශීය ලේකම්වරුන්ට හා දිස්ත්‍රික් ලේකම්වරුන්ට පවරා ඇතැයි කියමින් විරෝධතා පුවරුවක් ඔසවාගෙන මේ ස්වාධීන  මන්ත්‍රීවරුන් දෙදෙනා බලපිටිය මහ පාලම අසල සිට ගාලු පාරේ එක් මංතීරුවක් වැසෙන සේ පාගමනිනි බලපිටිය ප්‍රාදේශීය සභාව ඉදිරිපිටට පැමිණ විරෝධතා ව්‍යාපාරයකද නිරතවූහ.

        

ඉන් අනතුරුව ඔවුන් දෙදෙනා විරෝධතා පුවරුව ඔසවාගෙනම ප්‍රාදේශීය සභා ගර්භයට ඇතුළු වුහ.

        

බලපිටිය ප්‍රාදේශීය සභාපති එන්.සමන්ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් මාසික සභා රැස්වීම බලපිටිය ප්‍රාදේශීය සභා රැස්වීම් ශාලාවේදී පැවැත්විණ.

            

මේ මන්ත්‍රීවරුන්ගේ විරෝධතාවන් සභා රැස්වීමේ සාකච්ඡා වූ අතර එම විරෝධතාවන්ට පක්ෂව හා විපක්ෂව මන්ත්‍රීවරුන් අදහස් දැක්වූහ.



අදහස් (0)

බලපිටිය ප්‍රා. සබේ මන්ත්‍රීවරු කලු පටි පැළද සභා ගැබට එති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site