ප්‍රේමතිලක පෙරමුණ
බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කුඩලිගම ප්‍රදේශයෙන් ඉකුත් 25 වන දින කොවිඩ් 19 වෛරසය ආසාදිත නාවික හමුදා සෙබලෙකු ඇසුරු කළ නිවාස 36 ක් සහ කුඩලිගම විහාරස්ථානය ඉකුත් 27 සවස නිරෝධායනයට ලක් කළ බව බුලත්සිංහල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීි කාර්යාලය පවසයි
වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කර ඇති 33 හැවිරිදි මෙම නාවික සෙබලා ඉකුත් 15 වන දින නිවාඩු ලබා නිවසට පැමිණ ඇති අතර ,ඉකුත් 25 දින පීසීආර් පරීක්ෂණයට යොමු කිරීමෙන් පසු වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත
ඒ අනුව එම නාවික සෙබලා ඉකුත් 26 දින කොළඹ අයිඩීච් රෝහලට ඇතුලත් කර ඇති අතර,27 දින ඔහු පදිංචි ප්‍රදේශයේ මාර්ග සහ නිවාස කිහිපයක් විෂබීජානුහරණය කරන ලදී
මෙහිදී මෙම නාවික සෙබලා ඇසුරු කරන ලදැයි පැවසෙන නිවාස 36 ක් සහ ඔහු ආ ගිය කුඩලිගම විහාරස්ථානය නිරෝධායනයට ලක් කිරීමට සෞඛ්‍ය බලධාරීන් විසින් කටයුතු කරන ලදී
මේ අතර මෙම නාවික සෙබලාගේ බිරිඳ සහ කුඩා දරුවන් දෙදෙනා සුළු වශයෙන් යම් රෝගී ලක්ෂණ පෙන්නුම් කිරීම නිසා නාගොඩ මහ රෝහලට ඇතුළත් කිරීමට බුලත්සිංහල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නිලධාරී කාර්යාලය කටයුතු කරන ලදී
වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කර නිවාඩු ලබා පැමිණි නාවික සෙබලුන් තුන්දෙනකු බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ,පදිංචි බවත්,එම තිදෙනාගෙන් එක් අයෙකුට මෙසේ වෛරසය ආසාදනය වී ඇති බවත් ,එම සෙබළා ඇසුරු කළ තවත් පුද්ගලයන් සිටිදැයි තවදුරටත් විමර්ශන කටයුතු සිදු කරන බවද බුලත්සිංහල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නිලධාරී කාර්යාලය පවසයි
2025 නොවැම්බර් මස 04
790
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2445
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1766
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බුලත්සිංහල කුඩලිගම නිවාස 36ක් සහ විහාරස්ථානයක් නිරෝධායනට