IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


බලංගොඩ නගරසභාව උණුසුම් වෙයි

( සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)

ඉන්ධන  මිල  ඉහළ  දැමිමට  සහ  රසායනික  පොහොර  ආනයනය  කිරීම  නතර  කිරීමට විරෝධය  දක්වමින්  බලංගොඩ  නගරසභවෙි   බලය  හිමි එක්සත් ජාතික පක්ෂය  නියෝජනය  කරන  මන්ත්‍රී කණ්ඩායම  අද  (25) දා බලංගොඩ  නගරසභවෙි මාසික රැස්විමෙිදි විවිධ සටන් පාඨ සහිත  පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් විරෝධයක  නිරත විමත් සමග සභාව උණුසුම්  තත්තවයක් හටගත්තේය.

ඔවුහු  විනාඩි පහක පමණ  කාලයක්  එලෙස විරෝධතාවයේ   නිරත  විම  සදහා  අවස්ථාව   ලබා  දෙන  ලෙස සභාපති  චාමික ජයමිණි විමලසේන මහතාගේ  අවසර  ඉල්ලා  එම  විරෝධතාවයේ  නිරත  වුහ.

ඉන්පසු  නගරසභවෙි  විපක්ෂ නායක වසන්ත ගුණරත්න මහතා  (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ) කියා සිටියේ  විරෝධය  දැන්විම ගැටලුවක්  නොමැති  බවත් නමුත්  2015 වසරේ  මහින්ද රජපක්ෂ  මහතා  පරාජයට  පත්වන විට   රටෙි   තිබු  සංවර්ධන  වැඩ පිළවෙල  පසුගිය  රජය විසින්  මුළුමනින්ම   අඩාල  කර  දැමු  බවයි. 

මෙවැනි  වසන්ගත තත්ත්වයක්  සමග   ජනාධිපති ගෝඨභය රාජපක්ෂ  මහතා  ජනතාවට සහන ලබා දෙමින්  රට සංවර්ධනය  කරමින්  රට සාර්ථකව    ඉදිරියට   ගෙන  යන බවද ඔහු කීවේය.

එහි  පක්ෂ  විපක්ෂ මන්ත්‍රී වරු  අතර  වචන  හුවමාරුවක් ඇති වි සභව උණුසුම්  විය.



අදහස් (0)

බලංගොඩ නගරසභාව උණුසුම් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 24 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 706 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 335 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site