(දිලීප් ජයසේකර)
බිරිද බය කරන්න මෙරට නිෂ්පාධිත ගිනි අවියක් රැගෙනවිත් නිවසේ තබාගෙන සිටි සැමියෙකු සෙල්ලකතරගම දඹේ ප්‍රදේශයේදී අද (03) අත්අඩංගුවට ගැනිමට මාතර හම්බන්තොට දිසා වැටලිම් ඒකකය සමත් වි තිබේ.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ සෙල්ලකතරගම දඹේ ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි එක් දරු පියෙකි.
සැකකරුගේ බිරිද වසර 07ක් තිස්සේ විදෙස්ගතව රැකියාවක් සිදුකර ගැනීමෙන් මෙලෙස සිදු කළ බව ඔහු පොලීසිය පවසා ඇත
කෙසේ වෙතත් ගිණිඅවියක් සන්තකයේ තබාගැනීමේ වරදට සැකකාර සැමියා අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ෂණ සදහා කතරගම පොලිසියට බාර දි තිබේ.
සැකකරු තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකාරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනාචාරය නතර කිරීමට නිවැරදි අවිය තෝරාගන්න බැරි මිනිස්සු.