(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පොලිස් විශේෂ කාර්යය බලකා කළුතර විශේෂ බුද්ධි ඒකකයේ නිලධාරීන් විසින් බුලත්සිංහල ගෝවින්න ප්‍රදේශයේ අද (13) කළ වැටලීම් දෙකකදී රුසියාවේ නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවියක් සමඟ පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
එම ගිනි අවිය ඉලක්කය ගැනීම සඳහා ආධාර කරගත හැකි ලේසර් කිරණ උපකරණයකින්ද සමන්විත එකක් බව පොලිසිය කියයි.
ගිනි අවිය සමග බෝර 12 ජීව උණ්ඩ 10 ක් පොලිස් භාරයට ගෙන ඇත. සැකකරුවන් දෙදෙනා වැඩිදුර පරීක්ෂණ සඳහා බුලත්සිංහල පොලිසිය වෙත භාර දී ඇත .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd