(සුදත් එච්. එම්. හේවා)
ශ්‍රී පාදය වන්දනා කිරීමට පැමිණි 12 දෙනෙක් බඹරු ඇනීමෙන් තුවාල ලබා අද (11) මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය කියයි.
රාගම ප්‍රදේශයේ සිට ශ්‍රි පාදය වන්දනා කිරීමට පැමිණි මෙම පිරිස සීත ගඟුලෙන් දිය නෑමට සූදානම් වන විට අද සවස මෙම බඹරු ඇන ඇති බව නල්ලතන්නිය පොලිසිය පැවසීය.
ළමුන් තිදෙනෙකු, කාන්තාවන් පස්දෙනකු සහ පිරිමි පුද්ගලයින් හතරදෙනෙකු තුවාල ලබා මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බවත් ඔවුන්ගේ තත්වය බරපතල නොවන බවත් මස්කෙළිය ප්‍රාදේශීය රෝහලේ නිලධාරියෙක් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd