IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


බඳින කඳක් පත්තු වී වන ජීවි දෙදෙනකුට තුවාල

(ප්‍රියානි මංගලිකා)

වදුරැස්ස හේනක බැඳ තිබූ බඳින කඳක් පත්තුවී, වන අලින් පලවා හැරීමට ගිය වනජීවි නිලධාරීන් දෙදෙනකු වෙඩි වැදී බරපතල තුවාල ලබා නිකවැරටිය මූලික රෝහලට ඇතුළත් කළ බව නිකවැරටිය වනජීවි කාර්යාලය පවසයි.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ ,නිකවැරටිය වනජීවි කාර්යාලයේ අඩවි සහකාර නිලධාරීන් දෙදෙනෙකි.

වල් අලින් පලවා හැරීමට වනජීවි නිලධාරින් 10 දෙනකුගෙන් යුතු කණ්ඩායමක් ගොස් ඇති අතර පලවා හරිමින් සිටි වල් අලින්ටද බඳින කඳන් කීපයක් පත්තු වූ බවද,අනතුරට ලක් වූ දෙදෙනා ඔසවාගෙන පැමිණෙද්දී තවත් බඳින කඳක පැටලුන නමුත් එය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් තවත් විශාල අනතුරක් වැලකී ගිය බවද වනජීවි කාර්යාලය පවසයි.

මෙම බඳින කඳන් වන සතුන් මැරීමට දඩයක්කරුවන් ඇඩවූ ඒවා බවට සැක කරණ බවද වනජීවි කාර්යාලය සඳහන් කරයි.

 



අදහස් (0)

බඳින කඳක් පත්තු වී වන ජීවි දෙදෙනකුට තුවාල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 327 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site