IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


බන්ධනාගාරයේ සිට මෙහෙයවන කුඩු ජාවාරමක කල්ලියක් අල්ලයි

(පුෂ්පකුමාර මල්ලවාරච්චි)

 
බන්ධනාගාරයේ සිට මෙහෙයවන මත්කුඩු බෙදාහැරීමේ ජාලයකට සම්බන්ධ කාන්තාවක ඇතුළු සිව් දෙනෙකු හෙරොයින් මිලිග්‍රෑම් හයක්  හා ජාවාරමෙන් ඉපයු බව කියන රුපියල් ලක්ෂ  24 ක් සමඟ අත්අඩංගුවට ගත්බව දිවුලපිටිය පොලිසිය කියයි.
 
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ  බන්ධනාගාර  ගතව සිටින ‘ආමි සමන්ත’ නැමැත්තාගේ බිරිය ඇතුළු පිරිසකි.
 
හෙරොයින් පානය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකරුවකුගෙන්  හෙළි වූ තොරතුරු මත සිදු කෙරුණු පරීක්ෂණවලට අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
 
බන්ධනාගාරගතව සිටින ‘ආමි සමන්ත’ නැමැත්තාට දුරකථන ඇමතුමක් දීමෙන් පසු ලබා දෙන  බැංකුවක  ගිණුමකට මුදල් තැන්පත් කිරීමෙන් පසු හෙරොයින් අවශ්‍ය ප්‍රමාණය විවිධ අන්දමින් ලබා දීමට කටයුතු කර ඇති බව පළමුව අත්අඩංගුවට ගත් සැකකරුගෙන් හෙළිවී තිබේ.
 
එම සැකකරු සතුව තිබූ ගිණුම් අංකය පරීක්ෂා කිරීමේදී එය මාකඳුර ප්‍රදේශයේ පුද්ගලයකුගේ නමින් පවත්වාගෙන යන එකක් බව අනාවරණය වී ඇත .ගිණුමේ සඳහන් පුද්ගලයා මේ සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බව මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.
 
මෙම අයගේ ජාතික හැදුනුම්පත  2014 දී නැති වී ඇතැයි ද එම හැඳුනුම්පත උපයෝගී කරගෙන කිසියම් පුද්ගලයකු මෙම බැංකු ගිණුම ආරම්භ කර ඇතැයිද හෙළිවී ඇත. 
 
මේ ගැන අධිකරණයට කරුණු වාර්තා කර ලබාගත් නියෝගයක් අනුව බැංකුවේ වාර්තා හා කැමරා දර්ශන  මත බැංකු ගිණුම  පවත්වාගෙන යන පුද්ගලයා හදුනාගෙන ඇත. මාසයක් ඇතුලත රුපියල් ලක්ෂ 70 ඉක්මවන  මුදල් ප්‍රමාණයක්  සංසරණය වී ඇතැයි ද  හෙළි වීමෙන් පසුව ගිණුමෙන් මුදල් ආපසු ලබා ගැනීම අවහිර කර ඇත.
 
කාඩ්පත  මගින් බැංකු කිහිපයකින් මුදල් ලබා ගැනීමට  උත්සාහ කරඇති බවට බැංකු වාර්තා ලැබීමෙන් පසු එම පුද්ගලයන් හදුනා ගැනීමට පරීක්ෂණ පවත්වා බැංකු ගිණුම  පවත්වන  බටකන්දදේ  පුද්ගලයා හා  මාකවිට පුද්ගලයකු අත්අඩංගුවට  ගෙන ඇත.
 
බන්ධනාගාරයේ සිටින ‘ආමි සමන්ත’ දුරකතන අංක හත අටක් පමණ  භාවිතා කරමින් මෙම ජාවාරමේ යෙදී ඇතැයි ද හෙළි ඇතැයි පොලිසිය  සදහන් කරයි.
 



අදහස් (0)

බන්ධනාගාරයේ සිට මෙහෙයවන කුඩු ජාවාරමක කල්ලියක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 133 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 756 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site