IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


බදුල්ලේ ඇදිරි නීතිය කඩකරන පුද්ගලයින්ට නීතිය දැඩි වෙයි

(එෆ්.අස්ලම්)

කොරෝනා වයිරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පනවා ඇති ඇඳිරි නීතිය නොපිළිපදිමින් හිතාමතා නීති කඩකරන පුද්ගලයින්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකායට සහ බදුල්ල දිසාවේ සියලු පොලිස් ස්ථාන වෙත උපදෙස් දී තිබේ.

බදුල්ල කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ නීතිවිරෝධී මත්පැන් පානයට ඇබ්බැහි වූවන් සහ සූදු ක්‍රීඩාවල නිරතවන පුද්ගලයින් සහ නිකරුනේ මාර්ගවල සැරිසරන පුද්ගලයින් වතුකරයේ සහ ගම්මාන ආශ්‍රිතව සෞඛ්‍ය අනාරක්ෂිතව කටයුතු කරන බවට දිනෙන් දින තොරතුරු ලැබෙමින් පවතින බවය.

බදුල්ල දිස්ත්‍රික්කය වයිරසය ව්‍යාප්තිය හැකි උපරිමයෙන්ම පාලනය කරගෙන සිටින්නේ පොලිසියේ , ‍යුද හමුදාවේ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ප්‍රමුඛ සෞඛ්‍ය අංශවල මැදිහත්වීමෙන් ක්‍රියාත්මක සෞඛ්‍යාරක්ෂිත වැඩපිළිවෙල නිසා බවද එම නිලදාරියා කීය.

එමෙන්ම ඇදිරි නිතිය පනවා ඇත්තේ මහජනයාගේම යහපතට මිස  පටු අරමුණකට නොවන බවත් බොහෝ දෙනා සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් නිසි පරිදි සිටින නමුත් මත්පැන් බීමට ඇබ්බැහි වූවන් සහ සූදුවට ඇබ්බැහි වූ පිරිසක් අනාරක්ෂිතව නිකරුනේ මාර්ගවල ගම්මානවල සැරිසරන බවද එම නිලදාරියා සඳහන් කළේය.

මේ හේතුව මත ඇදිරි නිතිය හිතාමතා කඩකරන පුද්ගලයින් තැන් තැන් වල කල්ලි ගැසෙමින් සිටින්නේ නම් ඔවුනට දැඩි ක්‍රියාමාර්ග ගෙන  නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට සිදුවන බවද එම නිලදාරියා කීය.

එමෙන්ම පොලිස් මූලස්ථානය විසින් නිකුත් කර ඇති  චක්‍රලේඛ අකුරටම අනුගමනය කරන බවත් සෞඛ්‍ය හා මාධ්‍ය ආයතන සේවකයින් හැර අන් සියළු අත්‍යවශ්‍ය සේවාවන් සඳහා යොමුවන නිලදාරීන් හා සේවකයින්ට හෙට (10) සිට ආයතන ප්‍රධානියාගේ නිර්දේශ ලිපියක් සේවා හැදුනුම්පතට අමතරව තිබිය යුතු බවද එම නිලදාරියා කීය.

 



අදහස් (0)

බදුල්ලේ ඇදිරි නීතිය කඩකරන පුද්ගලයින්ට නීතිය දැඩි වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 803 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2453 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1768 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site