කොරෝනා වයිරසය සම්බන්ධ තොරතුරු දැනුම් දීමට බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ විශේෂිත දුරකථනයක් ස්ථාපිත කර ඇතැයි බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ සභාපති දේවේන්ද්‍ර පෙරේරා මහතා පවසයි.
ඒ අනුව 0383132999 අංකය ඔස්සේ බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ පදිංචි කරුවන්ට රෝග සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් සහ සේවා ලබා ගත හැකියි.
බණ්ඩාරගම හෝ වෙනත් ප්‍රදේශයකින් හෝ පි සි ආර් හෝ රැපික් ඇන්ටිජන් පරීක්ෂාවක් සිදුකර ආසාදිත බවට පත්වුවහොත් ඒ සම්බන්ධව මෙම දුරකථන අංකය හරහා වෛද්‍යවරයකු හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු සම්බන්ධ වී උපදෙස් ලබාගත හැකියි.
ඔබ යම් රෝග ලක්ෂණයකින් පෙළෙන්නේ නම් ඒ සම්බන්ධව මෙන්ම කොරෝනා රෝගය සම්බන්ධව අනෙකුත් උපදෙස් ලබා ගැනීමට මෙමගින් හැකියාව ලැබෙන බව සභාපතිවරයා පැවසීය
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පවතින කාර්ය බහුලත්වය හේතුවෙන් ඔහුන් ජංගම දුරකථනය හරහා හෝ සම්බන්ධ කරගැනීමට නොහැකි පුද්ගලයන් උදෙසා මෙම දුරකතන සම්බන්ධතාවය ලබා දුන් බව සභාපති වරයා කීය
එම දුරකථනය සඳහාම බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත උපාධිධාරීන් දෙදෙනකු යොදවා ඇති බවත් ඕනෑම පුද්ගලයකුට නිවසේ සිට සතියේ සෑම දිනකම පෙරවරු 8 සිට සවස 6 දක්වා තොරතුරු ලබා ගත හැකියි.
2025 දෙසැම්බර් මස 30
69
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
728
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
349
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
බණ්ඩාරගම වැසියන්ට හදිසි දුරකතන අංකයක්