(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බණ්ඩාරගම ගැලනිගම, බටකැටිය ප්‍රදේශයේ නිවසකට තියුණු ආයුධ රැගෙන කඩා වැදුණු හයදෙනකු නිවැසි යුවළ ද බැඳ දමා හාල්, සීනි , බිස්කට්, විදුලි උපකරණ හා රන් භාණ්ඩ ඇතුළු දේපල රැසක් කොල්ලකා පලාගොස් ඇතැයි බණ්ඩාරගම පොලීසිය කියයි.
පානදුර මහවිල රෑ කඩේ ප්‍රදේශයේදී කුලී ගමනක් යන මුවාවෙන් තීරෝද රථයකට ගොඩ වැදුණු හය දෙනා ගැලනිගම අතුරු මාර්ගයක් පෙන්වා ගමන් කරන ලෙස තිරෝද රථ රියදුරුට පවසා තිබූ අතර රියදුරු එය ප්‍රතික්ෂේප කිරීමත් සමගම ගෙලට උල් පිහියක් එල්ල කර මරණීය තර්ජනය කර තිබූ බව පොලිසිය කියයි.
අනතුරුව එම පිරිස රියදුරු ඉදිකරමින් පවතින නිවසකට රැගෙන ගොස් එහි තිබූ ඇදකට තබා රියදුරු බැද දමා තිරෝද රථය කොල්ල කා ඇත.
අනතුරුව ඔවුන් ඒ ආසන්න නිවසකට කඩා වැදී නිවෙස් හිමියාට පහරදී ඔහු සහ බිරිද ගේ අතපය බැඳ ඔවුන් පැළඳ සිටි රන් ආභරණ සහ නිවසේ තිබූ දේපළ කොල්ල කා තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
කොල්ලකරුවන් නිවසේ සිටි කුඩා දරුවකු පැළඳ සිටි රන් ආභරණද ගලවා ගෙන ඇතැයි පැවසේ.
කොල්ලකරුවන් නිවසේ තිබූ රූපවාහිනි යන්ත්‍ර දෙකක්, දුරකථන දෙකක් , පවුම් 10 කට අධික රන් භාණ්ඩ තොගයක් මුදල් , සීනි පරිප්පු බිස්කට් හාල් ඇතුළු දේපොළ රැසක් කොල්ල කා ගොස් තිබු බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
නිවෙස් හිමියා මීට දින කීපයකට ඉහතදී විදේශගතව පැමිණි පුද්ගලයෙක් බවත් පොලිස් නිලධාරියකු පැවසීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
බණ්ඩාරගම නිවෙසක් කෙල්ල කයි