
(කාංචන කුමාර ආරියදාස)
පීදෙන ගොඩ බෝග ගොවිතැනට ජලය ලබා නොදීම රජයට විරුද්ධව ගොවීන් කුපිත කිරීමේ කුමන්ත්‍රණයක් දැයි ඇලහැර බකමූණ කුමාරඇල්ල ගොවි නියෝජිතයෝ බලධාරීන්ගෙන් ප්‍රශ්න කර සිටිති.
මහවැලි අධිකාරිය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව එක්ව සෞභාග්‍යයෙ දැක්ම නව වැඩ වැඩසටහන යටතේ බකමුණ කුමාරඇල්ල මහවැලි ගම්මානයේ අක්කර සියයකට අධික ප්‍රමාණයක ගොඩ බෝග වගා කිරීම් සඳහා අතරමැදි කන්නයකට මොරගහකන්ද ජලාශයේ ජලය ලබා දෙන බව බලධාරීන් පැවැසීම නිසා වගා කටයුතු ආරම්භ කළ බව ගොවීහු පවසති.
මුන් ඇට, කවුපි, වට්ටක්කා , බඩ ඉරිගු ,මිරිස්, කැකිරි, බණ්ඩක්කා, බතල ආදි ගොඩ බෝග රැසක් වගා කළ බව ඔවුහු කියති.
මේ වන විට එම වගාවන් මල් හටගෙන ඵල දැරීම ආරම්භ වන සමයේ ඇළවේලි නඩුත්තු කිරීමට යැයි පවසා මොරගහකන්ද ජලාශයෙන් මෙම මහවැලි ගම්මානයට ජලය නිකුත් කිරීම නවතා ඇතැයි ගොවීහු චෝනා කරති.
මේවනවිටත් අක්කර සියයකට අධික ප්‍රමාණයක් විනාශ වන බව ඔවුහු පෙන්වා දෙති.
මේ සම්බන්ධයෙන් ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු එච්.එම්.ඩී.තිලකරත්න මහතාගෙන් කළ විමසීමේ මෙසේ කියා සිටියේය.
මහවැලි අධිකාරිය සහ වාරිමාර්ග නිලධාරීන් එක්ව මොරගහකන්ද ජලාශයේ ජලය නිකුත් කිරීම් සඳහා ක්‍රියාවලියක් පවත්වාගෙන යනවා. ඒ අනුව ගනු ලැබූ තීරණයකට අනුව ඇළවේලි දින දහයක් ඇතුළත ප්‍රතිසංස්කරණ කළ යුතුයි.
මට පමණක් එම තීන්දු තීරණ වෙනස් කිරීමේ හැකියාවක් නැහැ. කිසිදු කූට වැඩක් හෝ සැලසුමක් නැහැ. මෙය ගොවීන් සමග ගත් තීන්දු. එම තීරණ ක්‍රියාත්මක කරනවා.


2025 නොවැම්බර් මස 04
561
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2265
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1700
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බකමූණ කුමාරඇල්ල ගොවිහු වගාවට ජලය නැතිව ලත වෙති